• Fri. Feb 3rd, 2023

එක්‌දරු පියාගේ මරණයට සැකපිට ඇඹිලිපිටිය ඒඑස්‌පී අත්අඩංගුවට

 

ambilipitiya kaseඇඹිලිපිටිය නගරයේ ගොඩනැඟිල්ලක දෙවැනි මහලේ පැවැති සාදයකදී පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් පසුව සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති එක්‌දරු පියා මියයැමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02 දා) සවස ඊට සැකපිට ඇඹිලිපිටිය සහකාර පොලිස්‌ අධිකාරිවරයා අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සහකාර පොලිස්‌ අධිකාරිවරයා අද (03 දා) ඇඹිලිපිටිය මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර තවත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ පවත්වමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ සටහන් කර ගැනීම සඳහා සහකාර පොලිස්‌ අධිකාරි ධර්මරත්න මහතා ඊයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු සැකකාර සහකාර පොලිස්‌ අධිකාරිවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ “දිවයින” ට කීවේය.

සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය ඉදිරිපත් කළ සාක්‌කි අනුව සහකාර පොලිස්‌ අධිකාරිවරයා ඇතුළු පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ අත්අඩංගුවට ගන්නා ලෙසට පසුගියදා ඇඹිලිපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණය නියෝගයක්‌ නිකුත් කළේය.

ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහකාර පොලිස්‌ අධිකාරි ධර්මරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *