අද මහින්ද රාඡපක්ෂ මහත්තයට වෙලා තියෙන්නෙ මුට්ටිය ඇතුළට ඔළුව දාගත්ත එළුවට වෙච්ච දේ. ඔළුවයි මුට්ටියයි දෙකම බේරගන්න හදනවා. ඒක කරන්න විමල් විරවංශයි, ගම්මන්පිලයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අලුතින් ආපු මහත්තුරුයි ඉඩ දෙන්නේ නැහැ.‘ යැයි ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී. හැරිසන් මහතා මහනුවරදි පැවැසිය.
‘විමල් වීරවංශලා, ගම්මන්පිලලා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇරෙන්න වෙන විකල්පයක් නැති නිසා මහින්ද මහත්තයගෙ පස්සෙ එල්ලි සිටිනවා. බල්ලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැගිටින්න වුණා සේ මහින්ද රාජපක්ෂ මහත්තයටත් එහෙම වෙන්නයි යන්නේ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයට අභයාරාමයට ගිහින් දේශපාලනය නොකර බණක් භාවනාවක් කර පිනක් දහමක් කරගෙන ලබන ආත්මෙටවත් පිං ටිකක් රැස්කරගන්න පුළුවන්‘ යැයිද ඇමැතිවරයා කීය.
මහින්ද රාජපක්ෂ මහත්තය මල් වට්ටි අරන් පන්සල් යන්න යන්න දෙයියා කෝප වෙලා එතුමාගෙ තනතුරු විතරක් නොව පවුලේ අයගෙත් තනතුරුත් නැති වෙන්න යන බවත් දැන් එතුමාට කරන්න තියෙන්නෙ මෛත්‍රිපාල ජනපතිට පක්ෂය භාර දිල ඉතුරු ගෝලයොත් එක්ක පක්ෂය රැකගෙන රට ගෙනියන්න කියල ඉවත් වෙන එක යැයිද ඔහු පැවසීය.
