එක්සත් ජාතික පෙරමුණ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරණ ප්රජාතන්ත්රවාදී පක්ෂය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියේදී ක්‍රියා කරන බවට මෙම පක්ෂ දෙක අතර එකඟතාව ඇතිවූයේ අරලියගහ මන්දිරයේදීය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන නායකත්වයෙන් රටට වැඩදායි ඉදිරි ගමනක් යාම තම අපේක්ෂාව බවයි.
එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රම,කබීර් හෂීම්,රුවන් විජේවර්ධන,ලක්ෂ්මන් කිරිඇල්ල යනාදීන් දීර්ඝ කාලයක් තිස්සේ තමාගේ මිතුරන් ලෙස අදටත් සිටින බවත්, ඔවුන්ගේ මිත්‍රත්වය තමාට ශක්තියක් බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
තමන්ද මහත් කැපවීමෙන් යුතුව පත් කර ගත් ජනාධිපතිවරයෙකු රටේ සිටින බවත්, එතුමාද පසුගිය මහමැතිවරණයේදී පවා එජාපය සමග ගමනක් යන ලෙස තමාට ඉඟියක් ලබාදුන් බවත් ඔහු සිහිපත් කළේය.
https://www.facebook.com/apearata/videos/907672556007213/?video_source=pages_finch_main_video