• Mon. Feb 6th, 2023

වෙනම පක්ෂයක් ගැන නිල වශයෙන් දැනුම් දී නෑ

duminda dissanayake

ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩ විමක් සිදු නොවන බවත් වෙනම පක්ෂය හදනවා යැයි නොයෙක් අය මාධ්‍ය හමුවල ප්‍රකාශ කරත් ඒ පිළිබඳ කවුරුවත් නිල වශයෙන් දැනුම් දි නැතැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විධායක සභාව පසුගියදා පැවැති බවත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සහභාගි වුවත් ඒ පිළිබඳ වචනයක්වත් සදහන් නොකළ බවද මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඇමැතිවරයා සඳහන් කර සිටි.අද විවිධ අය නොයෙක් කතා කියනවා.එය කෙසේ වුවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ විමක් සිදු නොවන බවත් ඉදිරි පාළාත් පාලන මැතිවරණයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතුව ජයග්‍රහනය කිරිමට පළාත් පාලන නියෝජිතයන් සුදානම් සිටිනවා.

ඒ අනුව සිවිල් සංවිධාන හා සුළු පක්ෂ එකතුව සංධාන ගතව බුලත් කොළය ලකුණින් හෝ අත ලකුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බව ඇමැති දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *