උසාවියට ප්‍රසිද්ධියේ අපහාස කොට ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුනු පසු ඔහුව නිදහස් කරන්නැයි අන්තර්ජාලය භාවිතා කොට ඉතාමත් පහත් පෙළේ, නින්දිත වචන භාවිතා කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට කුණුහරුපයෙන් බැන ජිවිත තර්ජන එල්ලකර පුද්ගලයන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් ලැබී ඇති පොඇමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරනවා.
ඒ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා :
“සමාජ වෙබ් ජාලා ඔස්සේ ජනාධිපතිතුමන් වෙත මරණ තර්ජන සිදුකරමින් ඒ වගේම නොයෙකුත් ආකාරයේ අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් පුද්ගලයන් කිහිප දෙනෙක් විසින් ජනාධිපති තුමන් වෙත තර්ජනය කරන දර්ශන සමාජ වෙබ් ජාලා ඔස්සේ ප්‍රකාශයට පත් වුණා.ඒ පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබෙනවා.ඒ පැමිණිල්ල මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් විමර්ශනයට ලක් කරනවා.එම විමර්ශන වලින් අනතුරුව අදාළ තැනැත්තන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතිනවා.”
https://www.facebook.com/apearata/videos/907691526005316/?video_source=pages_finch_main_video