සී.එස්.එන්. නාලිකාව ආරම්භ කිරීමට යෙදවූ රුපියල් ලක්ෂ 2340 උපයා ගත්තේ කෙසේ දැයි පැහැදිලි කර යෝෂිත පුතා බේරා ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට පවසන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03 දා) ප්රකාශ කළේය.
මේ ලක්ෂ 2340 සොයාගත් ආකාරය කියන්න බැරි නම් ඒ මුදල් මහින්දගේ හෝ යෝෂිතගේ වැටුප නොවේ නම්, මැදමුලන වලව්වේ ආදායමත් නොවේ නම් අනිවාර්යයෙන් ම මහාභාණ්ඩාගාරයේ මුදල් විය යුතු බව ද කී අනුර කුමාර දිසානායක මහතා මේවා මහජන මුදල් බව ද කීය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම මහජන මුදල් නැවත පවරා ගත හැකි බව ද මෙකී ගනුදෙනුව සමඟ තවත් පරීක්ෂණ රැසක් ගැට ගැසී ඇතැයි ද කී දිසානායක මහතා කාල්ටන් රූපවාහිනියට අයත් ගොඩනැඟිල්ලට සහ සේවක මණ්ඩලයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් ගෙවා තිබෙන බව ද කීය. මෙකී රූපවාහිනි නාලිකාවට රජය සතු උපකරණ ද භාවිත කර ඇතැයි කී දිසානායක මහතා සී.එස්.එන්. නාලිකාවට භාණ්ඩ ආනයනය කරද්දී රේගුවට වංචා කර ඇතැයි ද කීය.
https://www.facebook.com/apearata/videos/907704906003978/