මේ දිනවල දේශපාලන ලොවේ වඩ වැඩි මාතෘකාවව ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය පිළිබඳවයි. පක්ෂයට එක්වෙන්නේ කවුද මේවා කෙරෙන්නේ කාගේ උවමනාවටද යන දහසකුත් එකක් කරුණු බොහෝ දෙනෙකුට ප්රශ්නාර්ථයක් ගෙන එනවා.
මේ පිළිබඳ මුළසුන් දරමින් කටයුතු කරන වීරවන්ශ , ගම්මන්පිල දෙදෙනා ජාතිවාදීන් යැයි ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා අදහස් දක්වමින් පවසා තිබේ.මෙවැනි සිද්ධි රට අරාජික කිරීමට හේතු වනවායයි ඔහු වැඩි දුරටත් සඳහන් කලා.
