පසුගිය වසරේ සිට ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටී තෙල් බැරලයක මිල ඩොලර් 30 (රු. 4246.64) දක්වා අඩු වීම මෙම වසරේ මාර්තු මාසය වන විට වෙනස් වීමකට භාජනය විය හැකි බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික විද්‍යා විශේෂඥ අනුෂ්ක විජේසිංහ මහතා පවසයි.
දැනට ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 30 කට වඩා අඩු වූයේ චීනයේත් රුසියාවේ හා බ්රසීලයේත් ආර්ථීක අවපාතය හා ජපානයේ හා යුරෝපා දේශ ගුණික විපර්යාසය එනම් හිතූ තරම් ශීත ඝෘතුව සීතාධික නොවීම බව ඔහු පවසයි. ඒ රටවල සීතල අඩු වූයේ නම් උණුසුම් කිරීම සඳහා තෙල් වලට ඇති ඉල්ලුම වැඩි වන බව ඔහු කියයි.
ඒ අනූව ඔහුගේ මතය වන්නේ මෙම වසරේ වැඩි කාලයක් තුල තෙල් බැරලයක මිල ඩොලර් 40ක (රු.5662.19)මට්ටමේ පවතිනු ඇති බවය.
ජනවාරි මුලදී තෙල් බැරලයේ මිල ඩොලර් 30 ට වඩා අඩු වූ ප්රවනතාවය මේ වසරේ බොහෝ කාලයක් එසේම පවතිනු ඇතැයි සිතිය නොහැකී. මේ ප්රවනතායවයේ උච්චාවචනයක් ඇති වීමට පහත කරුණූ කාරණා හේතු වේ. ඉරාන තෙල් කෙතරම් ඉක්මනින් වෙළඳපොලට එයි ද යන්න එක් කාරණයකි. චීනය වැනි ලොකු රටවල ආර්ථීකය යළි යථාතත්වයට පත් වීම තවත් කාරණයකි. තෙල් නිපදවන ඔපෙක් රටවල වෙළඳ ක්‍රමෝපාය අනුගමනය කිරීම තවත් කාරණයකි. ශ්‍රී ලංකාව කළ යුතු හොඳම කාර්යය වන්නේ තෙල් මිල පහත බැස තිබියදී ශක්තිමත් හා විනිවිද පෙනෙන මිල සූත්‍රයක් වහා ඇති කර ගැනීමයි.
