• Mon. Jan 30th, 2023

විජේදාස නැවත වැඩ පටන් ගනියි – යෝෂිතට ඇප දෙන්නැයි විනිසුරුට බලපෑම්.

wijedasa rajapaksa

කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් සීඑස්එන් නමින් රූපවාහිනී ක්‍රීඩා නාලිකාවක් ආරම්භ කරමින් මහජන මුදල් කෝටි 52 ක් පමණ අයතා ලෙස පරිහරනය කලා බවට චෝදනා ලබා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂට ලෙස ඇප ලබා දෙන්නැයි අදිකරන හා බුද්ධශාසන අමාත්‍යය විජේදාස රාජපක්ෂ කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට බලපෑම් කර ඇතැයි වාර්තා වෙනවා.

මුදල් විශුද්ධි කරණ චෝදනාව යටතේ අත් අඩංගුවට පත් අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා ගත නොහැකිය. ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙනි.
පසුගිය කාලයේදී රාජපක්ෂලා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීම ගැන මෙන්ම දූෂිතයන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන ඇමැතිවරයෙකු ලෙසත් සිවිල් සංවිධාන නායකයන්ගේ දැඩි විවේචනයට ලක්වූ විජේදාස රාජපක්ෂ ඇමත්වරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ කර ගන්නවාට ද දැඩි විරෝධයක් පෑවේ ය.
මුදල් විශුද්ධි කරණ චෝදනාව යටතේ අත් අඩංගුවට පත් අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා ගත නොහැකි බවත් ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙන් පමනක් බවත් ප්‍රසිද්ධ කරුණකි.

එමෙන්ම මහින්දවාදීයෙකු ලෙස ප්‍රකට නීතිපති දෙපාර්තුමේන්තුවේ සුහද ගම්ලත් මීළඟ නිතිපතිවරයා ලෙස පත්කිරීම සඳහා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා සෑහෙන වෙහෙස මහන්සියකින් කටයුතු කරන බවත් මේ වන විට ප්‍රසිද්ධ රහසක්.
කරුණු එසේ තිබියදි විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පිළිබඳ ජනාධිපත්වරයා සහ අගමැතිවරයා දරන්නාවු නිශ්ශබ්දකාරී බව අනාගත කුණාටුවක පෙර නිමිති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *