මහින්ද රාජපක්ෂ මහතා කරූ ජයසූරිය මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ 17දෙනෙකු එක් කරගෙන ආණ්ඩුවක් පිහිටවූ බවත් එදා එය ජාතික ආණ්ඩුවක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාම හැඳින්වුව බවත් අද මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවීම විවේචනය කරන බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අහංගම ප්‍රදේශයේදී පවසා තිබේ.
එහිදී අදහස් දක්වා ඇති ඇමතිවරයා…
“ජාතික ආණ්ඩු සංකල්පය මෛත්‍රීපාල සිරිසේන ජනපති හදන්නට පෙර වෙනත් ශ්‍රේෂට පුද්ගලයෙකු එය කළා. ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. එතුමා එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසූරිය මහතා ඇතුළු 17 දෙනෙකු සමග ජාතික ආණ්ඩුවක් හැදුවා. අපේ පක්ෂයේ හුඟ දෙනෙක්ට එය අමතකයි. ජාතික ආණ්ඩු එදා හොඳයි අද නරකයි.”
https://www.facebook.com/apearata/videos/909251209182681/