එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් කුමරු අද (06) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ සිවුදින නිළ සංචාරයක් සඳහායි.
මහකොමසාරිස්වරයා ලබන 10 වෙනිදා තෙක් දිවයිනේ රැඳී සිටින අතර කාලයේදී ඔහු ජනාධිපති මෛත්රිපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන්ද මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
සිය සංචාරය තුළදී ආගමික නායකයින් ද මුණගැසෙන ෂෙයිඞ් අල් හුසේන් කුමරු අතුරුදන්වූවන්ගේ සහ මානව හිමිකම් කඩවූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් ද මුණගැසීමට නියමිතයි.