• Mon. Jan 30th, 2023

යෝෂිතගේ නමට රුපියල් මිලියන 90ක විකාශන උපකරණ සහිත බසයක් තිබී හමුවේ..! (Exclusive)

yoshitha rajapaksa bus

සී. එස්. එන්. රූපවාහිනී නාළිකාවට අයත් රුපියල් මිලියන 90ක් වටිනා බස් රථයක් යෝෂිත රාජපක්ෂගේ නමට පසුගිය රජය සමයේ ශ‍්‍රී ලංකා රේගුව විසින් මුදාහැර ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.

මෙම බස් රථය මිලියන 90ක් වටිනා එකක් වුවත්, එහි වටිනාකම මිලියන 40කට ව්‍යාජ බිල් ඉදිරිපත් කර නිදහස් කරගෙන ඇති බව ද හෙළි වෙයි.

මෙම බස් රථය රූපවාහිනි විකාශන උපකරණවලින් සමන්විත එකක් වන අතර එය නාරාහේන්පිට ප‍්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වී තිබිණ.

සී. එස්. එන්. සභාපති යෝෂිත රාජපක්ෂ යන නම එහි  INVOICE හි සඳහන් වෙයි.

යෝෂිත රාජපක්ෂ සී. එස්. එන්. සභාපති බවට තහවුරු කර ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊමේල් පණිවිඩ 12,000ක් පමණ පරීක්ෂාවට ලක්කර තිබේ. එම පණිවිඩ අතරින් විශාල ප‍්‍රමාණයකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික ලූ‍තිනන් යෝෂිත රාජපක්ෂ මහතා සී. එස්. එන්. සභාපතිවරයා බවට තහවුරු වී ඇත.

සී. එස්. එන්. නාළිකාව වෙනුවෙන් කූඨ ලේඛන සැකසීම, මූල්‍ය අවභාවිතය සහ රාජ්‍ය බලය අවභාවිතය යන චෝදනා රැසක් යෝෂිත රාජපක්ෂ විසින් සිදුකර ඇතැයි සී. එස්. එන්. නාළිකාවේ විද්‍යුත් තැපෑල මඟින් අනාවරණය වී ඇති අතර එම චෝදනා යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සී. එස්. එන්. නාළිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නඩු පැවරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *