පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID ) විසිරුවන ලෙස දෙවියන්ට කන්නලව් කිරීම සඳහා හික්කඩුව සීනිගම දේවාලයේ අද (6) දින පොල් ගැසීමට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් කටයුතු කර තිබුණා.
මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් මෙන්ම ඔවුන්ගේ ආධාර කරුවන්ද සීනිගම දේවාලයට පැමිණ තිබුණු අතර අපට ආරංචි වුණේ එම ස්ථානයට පැමිණි ප්හිටපු ඇමති දිනේෂ් ගුණවර්ධනගේ මෙන්ම මාධ්‍යවේදියෙකුගේද මුදල් පසුම්බි යම්කිසි පිරිසක් විසින් සොරාගෙන ඇති බවයි.
මෙය සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකර ඇති අතර මීට පෙර වාර්තා වුණේ මෙම පොල් ගැසීමට අවශ්‍ය පොල් ගෙඩි 700ක් උඩුගම රජයේ ඉඩමකින් හොරෙන් කැඩීයැයි කියන පිරිසක් අත්අඩංගුවට ගැනීමට උඩුගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
එලෙස කැඩූ පොල් ගෙඩි ට්රැක්ටරයකින් ගෙන ගිය බවට හා ඊට දේශපාලනඥයකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයිද පොලිසිය පවසනවා.
නාගොඩ ග්‍රාම නිලධාරී සහ එජාප හිටපු ආසන සංවිධායක ආනන්ද ලැනරෝල් මහතා මේ පැමිණිල්ල කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
https://aperata.net/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/