රුපියල් එක්කෝටි දසලක්ෂයක් වැය කරමින් උතුරුමැද පළාතේ අධ්‍යාපන නිලධාරීන් 19 දෙනකු තායිලන්තයේ සංචාරයකට යෑවීමට ගෙන ඇති තීරණය පිළිබඳව සොයා බලා විධිමත් පියවරක් ගන්නා ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් ඉල්ලා ඇත.
මෙම නිලධාරීන් අතරින් එකොළොස්දෙනකු අවිධිමත් ලෙස පත්වීම් ලැබූවන් බව පවසන ලංකා ගුරු සංගමය එම තනතුරු සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් බඳවා ගැනීමට උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් මේ වන විට අයෑදුම්පත් කැඳවා ඇති බවද සඳහන් කරයි. එලෙස අයෑදුම්පත් කැඳවා තිබියදීත් අවිධිමත් පත්වීම් දරන්නන් විදේශ සංචාරයකට සහභාගි කරවීම සැලකිය යුතු කරුණක් යෑයිද එම සංගමය තවදුරටත් ප්‍රකාශ කරයි.