සිරිළිය ගිණුම ඇතුලු තවත් දූෂණ රැසක් සම්බන්ධයෙන් කිසි සේත්ම ගැලවී යා නොහැකි අන්දමට කොටු වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමට ප්රමාණවත් තරමටත් වඩා කරුණු පරීක්ෂණ කටයුතු වලින් අනාවරණය වී තිබුනත්, ඇය අත්අඩංගුවට නොගැනීමට ආණ්ඩුවේ ඉහළ දේශපාලන නායකයෙක් තීරණය කර ඇති බව මේ වනවිට කරුණු අනාවරණය් වි තිබෙනවා.
දේශපාලන තීරණයක් ලෙස ඇයව අත්අඩංගුවට නොගන්නා නමුත්, නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නේ ද නොගන්නේ ද යන්න තවමත් පැහැදිළි නැත.
කෙසේ නමුත් දූෂණ හා අපරාධවලට එරෙහි සිවිල් සංවිධාන මේ පිළිබඳ කරන බලපෑම අනුව එය ඉදිරියේ දී තීරණයවීමට ඉඩ ඇත .
කෙසේ වෙතත් පරීක්ෂණ වලින් හෙළිවී ඇති තොරතුරු යට ගැසීම කල නොහැකි බව අපගේ ආරංචි මාර්ග කියයි .