ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට කිසිඳු නීතිමය බාධාවක් නැතැයි එජාපය පවසයි.
එජාපයේ පත් කළ මන්ත්‍රී එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වීම නිසා පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා පසුගිය දා එක්සත් ජාතික පක්ෂය හා එක්වුව ද ඔහුට මන්ත්‍රී ධුරයේ දිව්රුම් දීම සම්බන්ධයෙන් නීතිමය හා සදාචාරමය ගැටලූ රැසක් පැනනැගී ඇතැයි සති අන්ත පුවත්පතක පලවී ඇති වාර්තාවක් පිළිබඳව කල විමසීමකදී එජාප ඇමතිවරයකු එබව කියා සිටියේය.
සිය අන්යන්යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි එම ඇමතිවරයා, ෆොන්සේකා මහතා අදාළ ධුරයට නම් කිරීම සඳහා 08දා පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ගන්නා බවත්, ඒ අනුව ෆොන්සේකා මහතා 09දා කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට නියමිත බවත් පැවසිය.
91 වන වගන්තිය :
කෙසේවුවද එම පුවත්පත පෙන්වා දෙන්නේ ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත් වීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ කඩ අහුරා ඇති බවය.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
”ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත් වීමට නුසුදුසුකම් යටතේ, 91 වන වගන්තියට අනුව ‘යුද්ධ හමුදාවේ නිත්‍ය බළකායේ සාමාජිකයෙක්, නාවික හමුදාවේ නිත්‍ය බළකායේ සාමජිකයෙක් හෝ ගුවන් හමුදාවේ නිත්‍ය බළකායේ සාමාජිකයෙක්…… යන මේ අය අතුරෙන් කිසිම තැනැත්තකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීමට හෝ සුදුස්සකු නොවන්නේය.’
ෆොන්සේකා මහතා ෆීල්ඞ් මාර්ෂල්වරයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය වසරේ මැයි 22දා පත් කරන ලදී.
එම තනතුර ජීවිතාන්තය දක්වාම වන අතර විශ්‍රාම ගැනීමක් සිදු නොවේ.
ෆීල්ඞ් මාර්ෂල්වරයකුට හමුදාවට අණ දීමේ බලයක් හිමි නොවෙතත් ඔහුට ඒ වෙනුවෙන් වැටුපක් හා දීමනා හිමි වන්නේ යුද හමුදාවේ සක්‍රීය සේවයෙහි යෙදී සිටින නිත්‍ය සාමාජිකයකු ලෙසය. ”
ගැසට් නිවේදනය :
කෙසේවුවද මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමකදී වාර්තා වුයේ, ෆොන්සේකා මහතා ෆීල්ඞ් මාර්ෂල්වරයකු ලෙස නම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය වසරේ මැයි 22දා නිකුත්කළ ගැසට් නිවේදනයේ ඔහුව යුද හමුදාවේ සක්‍රීය සේවයෙහි පිහිටුවීමක් හෝ වැටුපක් හා දීමනා ලබාදෙන බවක් හෝ එම තනතුර ජීවිතාන්තය දක්වාම බලපැවැත්වෙන බවක් සඳහන් නොවන බවයි.
ගැසට් නිවේදනය
(ශ්‍රී ලංකා මිරර්)