• Fri. Feb 3rd, 2023

ethanol sri lanka

පසුගිය පාලන සමයේ නීවිරෝධීව මෙරටට එතනෝල් ගෙන ඒමේ සිද්ධීන්වලට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහා සුරාබදු නිලධාරීන් කිහිපදෙනෙකු සහ තවත් රාජ්‍ය ආයතන 24කට අයත් නිලධාරීන් විසිදෙනෙකුද පසුගිය දෙවෙනිදා පොලිස් මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.
එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කීරීම්වලින් අනතුරුව ඒ ඒ රාජ්‍ය ආයතනවල සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන් විත්තිකරුවන්ද නොඑසේ නම් සාක්ෂි කරුවන්ද යන්න ගැන පොලිස් මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසයට අවසන් වශයෙන් නිගමනයකට එළැඹීමට නියමිත බවද වාර්තා වේ.

එසේ කැඳවන ලද නිලධාරීන් අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු උසස් නිධාරියෙකුද, කිලිනොච්චියේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්ජිනේරුවරයෙකුද උතුරු මැද ප්‍රදේශයේ හමුදා කඳවුරක කපිතාන්වරයකු සහ මීගොඩ ආර්තික මධ්‍යස්ථානයේ නිලධාරියකුද සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය පාලන සමයේ නීවිරෝධීව මෙරටට එතනෝල් ගෙන ඒමේ සිදුවීම්වලදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට, එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට සහ එවකටද ඇමතිවරයෙකු වූ වත්මන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරාට චෝදනා එල්ල විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *