ක්‍ීභ නාලිකාවේ සිදුවූයේයැයි කියන ගණු දෙනු මුදල් විශුද්ධිකරණ පනතට අනුව නීතිවිරෝධි ගණු දෙනු බව පවසමින් යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ක්‍ීභ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ ඉහළ නිලයන් හෙබවූ තැනැත්තන් වන රොහාන් වැලිවිට, කෞෂාන් දිසානායක, රවිනාත් ප්‍රනාන්දු, නිශාන්ත රණතුංග යන සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම කටයුතු සදහා යෝෂිතට ආධාර අනුබල ලබාදුන් බවට නැගී තිබෙන චෝදනාව මතය.
ක්‍ීභ නාලිකාවේ ප්‍රධාන පෙළේ තනතුරක් හෙබවූ යසාරා අබේනායක අත්අඩංගුවට ගැනීමටද මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය සැළසුම් කර ඇතැයි සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. කෙසේ වෙතත් ඇය මේ වන විට සිටිනුයේ විදේස්ගතවය.