මානුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා වගකිව යුතු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිඞ් අල් හුසේන් කුමරු පවසනවා.
ඊයේ (08) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සමග කළ සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරනවා.
දැනට බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සම්බන්ධයෙන් රටේ පවතින නීතිය කි‍්‍රයාත්මක කළ යුතු අතර ඔවුන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟ නොවන බවද සෙයිඞ් අල් හුසේන් කුමරු වැඩිදුරටත් පවසනවා.