මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරු ලංකාවට ඇවිත් රණවිරුවන්ට විරුද්ධව කටයුතු කිරීමට සාක්ෂි සොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
යුද්ධය නිමා කල රණවිරුවන්ට එරෙහිව කටයුතු කරන්න කියා ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින එම රට ලංකාව වෙන්න ඇති බව ඒ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.
“කිසියම් සොල්දාදුවෙක් වැරදි කරලා තියෙනවා නම් මුළු හමුදාව හා අණ දුන්නු අය අල්ලන්න කියලා හුසේන් කුමරු කියා තිබෙනවා. මොකටද මේ පරීක්ෂා කරන්නේ.? රණවිරුවන්ට දඬුවම් කරන්න, අණදුන් අයට දඬුවම් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ.අපරාධවලට දඬුවම් දීමට අපේ රටේම නීතිය තිබෙනවා. වෙනත් නීති අපට අවශ්‍ය නැහැ. මානව හිමිකම් වාර්තාව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ කියලා සමහරු කියනවා. ඒත් තවත් අය කියනවා ඒකේ අකුරක් නෑර කරන්න කියලා.
මේක තමයි අපේ හමුදාවට කරන බරපතළම වැරැද්ද. මේ පිළිබඳව හමුදාවට හෝ අපිට චෝදනා එල්ල කරන්න සාධාරණ හේතුවක් නැහැ.
https://www.facebook.com/apearata/videos/910183032422832/?video_source=pages_finch_main_video