• Fri. Feb 3rd, 2023

rosy senanayake

අද(08)පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වුණු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේවන විට පුරප්පාඩුව ඇති එජාප ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමට තීරණය කර තිබේ.
සරත් ෆොන්සේකා මහතාගේ නම මෙහිදී ඒකමතිකව සම්මතවුණු බව එජාප වැඩබලන මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.
හිටපු ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ හදිසි අභාවයත් සමග එජාප ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් හිස්ව පැවතිණි.
මෙම පත්කිරීම සිදුකරනු ලබන්නේ එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයටය.
සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය පසුගියදා අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබනු ලැබිණි.

මේ අතර අපේ රට වෙබ් අඩවියට වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරඟ වැද පරාජයට පත් වූ හිටපු රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ දැරූ සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. මනාප සටන නිසා ඇය පරාජයට පත්ව සිටියදී එජාප ඉහල පෙළේ නායකයන් මීට ඉහත ඇයට කියා සිටියේ ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුවක් ඇතිවු විට ඇයට එම අවස්ථාව ලබා දෙන බවයි.එහෙත් ඇයට එම අවස්ථාව නොදී ගත් මෙම තීරණයට විරෝධය පා ඇය ලක්වනිතා පෙරමුණ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඇය දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වෙන බවයි වාර්තා වෙන්නේ.කෙසේ නමුත් මෙම තීරනය ගත් අද දින අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පැමිණ නැතැයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *