ඒකාබද්ධ විපක්ෂය හා ශ්රීලනිපයෙන් ආණ්ඩුවට එක්ව සිටින මන්ත්රීවරුන් එක්ව පිහිටුවීමට නියමිත අලූත් පක්ෂය පිළිබඳ අවසන් සාකච්ඡුාව ඊයේ රාත්රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම සාකච්ඡුාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ සිටින හා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්රීවරුන් විශාල පිරිසක් සහභාගි වී ඇති බවද වාර්තා වේ.
නව පක්ෂයේ ලාංඡුනය හා පක්ෂ කාර්යාලයේ ලිපිනය මෙන්ම නව විපක්ෂයේ නිලධාරි මණ්ඩලය පිළිබඳව මෙම සාකච්ඡුාවේදී අවසන් එකගතාවන් ඇති කර ගත් බවද පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා භාරගත යුතු බව සාකච්ඡුාවට සහභාගි වූ සියලූ දෙනාගේ ඒකමතික තීරණය වූ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
නව පක්ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.