මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරියට බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද සවස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් වන ඒ හිමියන් අධිකරණයට අපහාස කළැයි කියන නඩුවෙන් පෙරදින ඇප ලැබුව ද සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ නඩුව නිසා අද වනතුරු රිමාන්ඩ් කැරිණි.
ඥානසාර හිමියනට ඇප නියම කරන්නැයි ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්ද මහතා පෙරදින (09) මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් අයැද සිටියේය.
මහේස්ත්‍රාත් – ‘සැකකරු ඇප ඉල්ලනවාද?‘
වරලියද්ද – ‘ඔව් ස්වාමීනි‘
මහේස්ත්‍රාත් – ‘එදා නම් කිව්වේ අපි ඇතුළට දාපල්ලා කියලයි. ඇයි දැන් ඇප ඉල්ලන්නේ? සැකකරුවකු තමා රිමාන්ඩ් කරන ලෙස කිව්වත්, නිදහස් කරන ලෙස කිව්වත් නීතිමය කරුණු අනුව පමණයි අප තීන්දුවක් දෙන්නේ. මේ සැකකරු එදා අධිකරණයේ හැසිරුණු ආකාරයෙන් පෙනෙන්නේ මෙය සැලසුම් සහගත ක්‍රියාවක් බවයි. වෙනත් අරමුණක් ඉෂ්ඨ කර ගැනීම සඳහා ඉබේම අත්අඩංගුවට පත්වීමේ තත්ත්වයක් නිර්මාණය කරගෙන සිටි බව පේනවා. එවැනි දේ ඉෂ්ඨ කර ගැනීමට උසාවිය පාවිච්චි කිරීමට ඉඩ දිය නොහැකියි. උසාවියට අපහාස කිරීම හා රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීම ඇප දීමට සුදුසු වරදක් නොවෙයි. නමුත් සැකකරු වෙනත් ඕනෑකමක් වෙනුවෙන් අධිකරණය භාවිත කිරීමට ඉඩ දිය නොහැකියි. ඒ නිසා කොන්දේසි මත සැකකරුට ඇප නියම කරනවා.
සැකකරු මේ නඩුව හෝ අධිකරණයේ වෙනත් නඩු ගැන හෝ මාධ්‍යය ඇතුළු කිසිම තැනක කතා නොකළ යුතුයි.
එසේ කළහොත් ඇප අවලංගු කරනවා. සැකකරු හැම ඉරිදාවකම උදේ නවයත් 12ත් අතර හෝමාගම පොලිසියේ පෙනී සිටිය යුතුයි. ‘
එදා රිමාන්ඩ් කරන්නයි කියලා දැන් ඇප ඉල්ලන්නේ මොකද..? – විනිසුරු අසයි..!!
