• Fri. Feb 3rd, 2023

නීතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙළෙසන කල්ලි හිස එසවීම වැළැක්‌වීමට උපරිමයෙන් කටයුතු කරනවා

sarath fonseka
සභා ගැබෙහි අශීලාචාර ලෙස හැසිරෙමින් නීතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙළෙසන කල්ලියක්‌ යළි හිස එසවීම වැළැක්‌වීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බව අභිනව මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය.

අද මම එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයාගේ ආශිර්වාදය ඇතිව එක්‌සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නා. මේ අවස්‌ථාවේදී මගේ හිතවතකු වූ එම්. කේ. ඒ. ඞී. එස්‌. ගුණවර්ධන අභාවයට පත්වූ ඇමැතිතුමාව ගෞරවයෙන් සිහිපත් කරනවා. මට හිමිවුණේ එතුමාගේ මන්ත‍්‍රී ධුරය.

සරත් ෆොන්සේකා මහතා මෙසේද කීය.

2010 පෙබරවාරි 08 වැනිදා හිටපු පාලකයා මාව පැහැරගෙන ගොස්‌ හිරකළා. ඊයේට අවුරුදු හයයි. මාව පැහැරගෙන හිර කරලා අවුරුදු හයක්‌ පිරෙනදා මා මන්ත‍්‍රීවරයකු ලෙස යළිත් වරක්‌ ගැසට්‌ කළා.

එජාපයේ නායකත්වයට, කෘත්‍යාධිකාරි මණ්‌ඩලයට මම මගේ ප‍්‍රණාමය පුද කරනවා. ජනාධිපතිතුමා උද්‍යෝගයෙන් මාව මන්ත‍්‍රීවරයකු ලෙස පත්කරන්න ආශිර්වාදය ලබා දුන්නා. යහපාලනයට යන ගමනට මගේ දායකත්වය උපරිමයෙන් ලබා දෙනවා. මැර දාමරික ඒකාධිපති පාලනයට තිත තබලා ජනවාරි 08 දා ලබාගත් ජයග‍්‍රහණය තවදුරටත් ශක්‌තිමත් කරන්න මා කැප වෙනවා.

ඇමැති ධුරයක්‌ මා වෙත ලබාදීම සඳහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සාකච්ඡුා කරනවා. කුමන මොහොතක හෝ ඒ ගැන මාව දැනුවත් කරාවි.

යහපාලනය කරා යන ගමන කඩාකප්පල් කරන්න කල්ලියක්‌ පෙරමුණ අරගෙන ඉන්නවා. ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා නීතියේ ආධිපත්‍යය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපි අදත් සභා ගැබේදී දැක්‌කා මේ කල්ලිය ඉතාම අශීලාචාර ලෙස හැසිරෙන ආකාරය. පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසා දැමුවා. මෙවැනි කල්ලියක්‌ හිස එසවීම වැළැක්‌වීම සඳහා මට හැකි පියවර මම ගන්නවා. ඔවුන් රණවිරුවන් පාවාදීම ගැන කියමින් ජනතාව බියට පත්කරමින් ඉන්නවා.

මා මන්ත‍්‍රීවරයකු ලෙස පත් කිරීමට සාකච්ඡුා කළ කෘත්‍යාධිකාරී රැුස්‌වීමේදී විජයදාස රාජපක්‌ෂ ඇමැතිතුමා අදහස්‌ ප‍්‍රකාශ කළාද කියා මට අවබෝධයක්‌ නෑ. එතුමාගේ භූමිකාව මට අදාළ නෑ. මම මේ වගකීම ගත්තේ විජයදාස රාජපක්‌ෂ ඇමැතිතුමා සමඟ වෙනම සටනක්‌ දියත් කරන්න නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඕනෑම කෙනකුට ඕනෑම අදහසක්‌ දරන්න පුළුවන්. එතුමා සමඟ මගේ හිතේ වෛරයක්‌ නෑ. මා නිසා එතුමා පක්‌ෂය හැරයන්න ගියොත් මට නවත්වන්නත් අයිතියක්‌ නෑ. හිටියා කියා මට ප‍්‍රශ්නයකුත් නෑ.

යුද අපරාධ චෝදනා පිළිබඳ පරීක්‍ෂණ පැවැත්විය යුතුයි. ඒවා විනිවිද භාවයකින් යුක්‌තවයි කළ යුත්තේ. එවිට මටත් අවස්‌ථාව ලැබේවි මම අණදුන් හමුදාවේ කීර්තිය රැුකගන්න. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ අල් හුසේන් කුමරා ලංකාවට ඇවිත් ජිනීවා යෝජනා, චෝදනා, යුද අපරාධ චෝදනා ගැන සාකච්ඡුා කරන්න. ඒවායෙත් අවසාන ප‍්‍රතිඵලය ලෙස සාධාරණ නිරීක්‍ෂණයක්‌ සිදුවේවි. රණවිරුවන්ගේ කීර්තිය ආරක්‌ෂා කරගන්න එය පිටිවහලක්‌ වේවි. විවිධ පාර්ශ්වයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව නිවැරැුදි තීරණයක්‌ ගන්න එතුමා බුද්ධිමත් වේවි.

මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා අලූ‍ත් පක්‍ෂයක්‌ හදනවා කියා කියනවා. ඒක නිකං බොරුවක්‌. ඇෙඟ් පතේ හිරි ඇරගන්න කරන නාඩගමක්‌ වගෙයි පෙනෙන්නේ. විශාල පක්‍ෂයක්‌ ඔහු පිටුපස සිටිද්දිත් එයාට අවශ්‍ය විදිහට පවතින්න බැරිවුණා. දැන් ¥ෂණයට විරුද්ධව ගන්න ක‍්‍රියාමාර්ග ගැන බියවූ කල්ලියත් සමඟ මෙය කරන්න බැහැ. මහින්ද රාජපක්‌ෂ විසින් ඔහුගෙ වළ කපා ගන්නවා. පොල් ගැසීම සද් භාවයකින් කළ යුතුයි. එවිට ප‍්‍රතිඵල ලැබේවි. හිතේ එකක්‌ තබාගෙන වැරැදි සඟවාගෙන පොල් ගැහුවොත් ඒවා ආපිට කැරකිලා එනවා.

 

https://www.facebook.com/apearata/videos/911450678962734/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *