ගොවීන්ගෙන් පසුගිය මහ කන්නයේදී මිලදී ගත් වී තොග ආණ්ඩුවට රුපියල් කෝටි 400 ක් පාඩු වන සේ වෙළෙඳුන් වෙත නිකුත් කර ඇති බව ගොවි සංවිධාන පවසයි.
ඒ පිළිබඳ විෂය භාර ඇමැතිවරයාට සහ වී අලෙවි මණ්ඩලයට එරෙහිව දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය වෙත අද 09 පෙරවරු 11.00 ට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය හා සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලබයි.