පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට රුපියල් අනූ ලක්ෂයක් පමණ වටිනා වාහනයක් තීරු බදු සහන යටතේ ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව මැති ඇමතිවරුන්ට පෝරමයක් ලබා දෙන අතර එහි වාහනය ලබා ගන්නවා ද නැතිද යන්න සටහන් කළ යුතුයි.
අමෙරිකානු ඩොලර් 62500ක වටිනාකමකට ගැලපෙන තමන් කැමති ඕනෑම වාහනයක් ගෙන්වීමට මේ අනුව ඔවුන්ට හැකි වනවා.
මේ සඳහාවූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයායි.