යෝෂිත ඇතුළු පස්දෙනා ලබන 25 තෙක් රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අද (11) නියෝග කළේය.
සීඑස්එන් නාලිකාවේ අධ්යක්ෂවරු වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අෂාන් රවිනාත් ප්‍රනාන්දු හා කවීෂාන් දිසානායක එසේ රිමාන්ඩ් කරනු ලැබීය.
නීති විරෝධී ලෙස ලැබුණූ රුපියල් කෝටි 36.5 ක් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය පිහිටුවීම සඳහා යොදා ගත්තැයි මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය පවසයි. සාපරාදී ලෙස විශ්වාසය කඩ කිරීම, කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය වෙනුවෙන් ආනයනය කළ භාණ්ඩ මිල අඩුවෙන් දැක්වීම ඔවුනට එරෙහි තවත් චෝදනාවකි.
සී.එස්.එන්. නාළිකාවට නීති විරෝධී පිටරට මූලාශ්‍ර වලින් මුදල් ලැබී ඇතැයි ද එතෙර බැංකු වල මුදල් ශ්‍රී ලංකාවට එවා ඇතැයි ද වාර්තාවේ.
යෝෂිතගේ පියා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද අධිකරණයට පැමිණ සිටියේය. වෙනදා මාධ්‍යයට කථා කරන ඔහු අද මාධ්‍ය සමග කථා නොකරම පිටත්ව ගියේය.
(Lankadeepa)