සෞඛ්‍ය ඇමති සහ සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා 10 වෙනි වරටත් අල්ලස් කොමිසම මගහැර ඇති බවට වාර්තා වේ.
පසුගිය ජනවාරි 24 වෙනිදා අල්ලස් කොමසමට පැමිණෙන ලෙස එම කොමිසම ඇමතිවරයාට දැනුම් දී තිබිණ. ඒ ධීවර ඇමතිවරයා සමයේ සේනාරත්න මහතා සිදුකලේයැයි කියන වංචා සහ දුෂණ පැමිණිලිවලට අදාල ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා මෙලෙස කැඳවා ඇති අතර
මීට පෙර අවස්ථා 09කදීම මෙලෙස කොමිසම හමුවට පැමිණෙන ලෙස සේනාරත්න මහතාට දැනුම් දී ඇතත් විවිධ හේතු දක්වමින් ඔහු එම අවස්ථාවන් මගහැර ඇති බවට වාර්තා වේ.
මෙවරද අල්ලස් කොමිසමේ කොමසාරිස්වරිය අමතා ඇති සේනාරත්න මහතා ජනාධිපතිවරයා සමග හදිසි රැස්වීමක් යෙදී ඇති බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.