• Fri. Feb 3rd, 2023

ශ්‍රී ලංකන් පසුගිය වියදම් රු. ට්‍රිලියනය ඉක්මවලා..!

sri lankan airlines

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසරවල සිදු කර ඇති ඇතැම් වියදම් රුපියල් ට්‍රිලියනය ඉක්මවූ වියදම් බවත් ඒවා පිළිබඳ සිතාගැනීමට පවා නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) ප්‍රකාශ කළේය.

එමෙන්ම 2009 වසරේ සිට 2015 වසර දක්වා කාලයේ රුපියල් මිලියන එක්ලක්ෂ දෙදහස් අටසිය දහසයක ශුද්ධ පාඩුවක් සිදුව ඇති බව ද අගමැතිවරයා අනාවරණය කළේය.

2012 වසරේ දී රුපියල් මිලියන 17,000ක් ද, 2013 වසරේ දී රුපියල් මිලියන 26,000ක් ද, 2014 වසරේ දී රුපියල් මිලියන 31,000 ක් ද 2015 වසරේ රුපියල් මිලියන 16,000ක් ද වශයෙන් ශුද්ධ පාඩුවක් ලබා ඇති බව ද වික්‍රමසිංහ මහතා කීය.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා- අගමැතිවරයාගෙන් ඍජුව ප්‍රශ්න විමසන අවස්ථාවේ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

ඒ 350 වර්ගයේ ගුවන් යානා අටක් පසුගිය පාලන අධිකාරිය විසින් ඇණවුම් කර ඇති බවත් ඒ යානාවක් සඳහා මසකට රුපියල් මිලියන 1.4ක මුදලක් ගෙවිය යුතු බවත් අගමැතිවරයා හෙළි කළේය.

මේ ගුවන් යානා අතර ප්‍රභූ ගුවන් යානාවක් ද ඇණවුම් කර තිබූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වික්‍රමසිංහ මහතා සඳහන් ‍කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *