• Tue. Feb 7th, 2023

ශ‍්‍රී ලංකා – ඉන්දියා දෙවැනි විස්‌සයි විස්‌ස තරගය අද

පළමු තරගය ජය ගෙන සිටින දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස ක‍්‍රිකට්‌ තරගාවලියේ දෙවැනි තරගයට අද (12 ) දා පැවැත්වීමට නියමිතය. රාන්චි හිදී පැවැත්වෙන මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතය.

2014 පැවැති විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව මාස 24 කට පසු දෙපිල මුණ ගැසුන පළමු තරගයෙන්ම ඉන්දියාව යළිත් පරාජය වීම මත මෙම තරගයේදී දෙපිලෙන්ම ද්වන්ධ සටනක්‌ අපේක්‍ෂා කළ හැකිය.

මහේන්ද්‍ර සිං දෝනි ප‍්‍රබල ඉන්දියානු පිල පළමු තරගයෙන් පරාජය වී විස්‌සයි විස්‌ස ශේණිගත කිරීම්වලද තෙවැනි තැනට තල්ලූ‍වීම මත වැඞී පීඩනය ඔවුන් සතුව තිබේ. නවක ක‍්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් ශ‍්‍රී ලංකා පිලට අද තරගය ජය ගතහොත් තවදුරටත් විස්‌සයි විස්‌ස ශේණියේ අංක එකේ රැුදී සිටීමට අවස්‌ථාව උදාවේ.

ඉන්දියානු නායක මහේන්ද්‍ර සිං දෝනි උපන් නගරය වන රාන්චි හිදී ඔහු ඇතුළු ඉන්දියානු කණ්‌ඩායම ක‍්‍රීඩා කරනු දැකීම සඳහා හතළිස්‌ දහසකට අධික පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාවක්‌ පැමිණීමට අවස්‌ථාව ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා කණ්‌ඩායමේ පන්දු යවන්නන් අතරින් පළමු තරගයේදී ජයග‍්‍රහණයට උරදුන් කසුන් රාජිත, දසුන් ෂානක සහ දුෂ්මන්ත චමීර කෙරෙහි ඉන්දියානු පිතිකරුවන් ඇස ගසාගෙන සිටින අතර ඔවුන් මෙම තරගයේදී දැඩි ග‍්‍රහණයකට හසු කළ හැකි තණතීරුවක්‌ සකස්‌ කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී. පළමු තරගය පැවැති පූනේ තණතීරුවේ තණකොළ සහිතව බව හේතුවෙන් ඉන්දියානු පිතිකරුවන්ට රිසි සේ පහරවල් එල්ල කිරීමට හැකියාවක්‌ නොතිබූ බව ඉන්දියානු නායකයා පැවසීම නිසා පේ‍්‍රක්‍ෂකයන් අමන්දානන්දයට පත් කළ හැක පිති ප‍්‍රහාරයක්‌ දැක බලා ගැනීමට හැකි තණතීරුවක්‌ සකස්‌ කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ මෙහ තරගයේදී නිර්මාණය විය හැකිය. ශ‍්‍රී ලංකා පිතිකරුවන්ටද එය අස්‌වැසිල්ලක්‌ වුවද ප‍්‍රබල ඉන්දියානු පිතිකරුවන් මෙල්ල කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ මෙම තරගයේදී වගබලා ගත යුතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *