එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රධාන පෙලේ නායකයෙකු බව කියන එමිල් කාන්තන් හෙවත් චමිල් ලක්ෂ්මි කාන්තන්ට එරෙහිව තිබූ වරෙන්තුව සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කොළඹ මහාධිකරණය මගින් මෙම මස මුලදී එමිල් කාන්තන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු නිවේදනය සහ වරෙන්තුව ඉවත් කරනු ලැබුවා.
ඒ, එමිල්කාන්තන් අධිකරණයට භාර දී අදාළ නඩු විභාගයට පෙනී සිටින බවට ඔහුගේ නීතීඥයන් කළ දැනුම්දීමකින් අනතුරුවයි.
කෙසේවෙතත් එමිල් කාන්තන් නැවත දිවයිනට පැමිණෙන විට ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීම සඳහා වන නියෝගය ඉවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කර තිබෙනවා. ඒ එමිල් කාන්තන් මෙතෙක් අධිකරණයට භාර නොවීම හේතුවෙන්.