ප්රභල ඉන්දීය පිල කඩුලු පහකින් පරාජය කරමින් 19 පහළ එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල අද (14) සමත් විය.
කොදෙව් පිලක් 19 පහළ ලෝක කුසලාන තරගාවලියක් දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.
මීට පෙර 2004 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වීම ඔවුහු යොවුන් ලෝක කුසලාන තරගාවලියක පෙන්වා තිබූ ඉහළම දක්ෂතා වේ.
යොවුන් ලෝක කුසලානය තෙවරක් ජයගෙන ඇති ඉන්දීය කණ්ඩායම අනුශූරතාවකින් සෑහීමකට පත්වූ දෙවැනි අවස්ථාව මෙය වේ.
වසර 2006 දී ඔවුහු මීට පෙර අනුශූරතාවකින් සෑහීමකට පත්වූ අතර එවර ඔවුන් පරාජයට පත්කරනු ලැබුවේ පාකිස්තානු කණ්ඩායමයි.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිලේ ඇරයුමෙන් ප්රථමයෙන්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිලට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 145ක් පමණි.
පළිතුරු ඉනිම ක්රීඩා කළ කොදෙව් පිල තරගයේ අවසාන පන්දුවාරයේදී කඩුලු පහක් පමණක් දැවී අදාළ ඉලක්කය සම්පූර්ණ කළේය.
බංග්ලාදේශයේ ශෙරේ බංග්ලා පිටියේ අවසන් තරගය පැවැත්විණ.
(slmirror)