පිහිනීම, පාපැදිය සහ ධාවනය කියන ඉසව් තුන ඇතුළත් තුන් ප්‍රයාම (Triathlon) සහය ඉසව්ව අවසානයේදී ශ්‍රීලංකාව ලෝකඩ පදක්කම දිනා ගත්තා. පිහිනීම, පාපැදිය සහ ධාවනය කියන ඉසව් තුන ඇතුළත් මෙම ක්‍රීඩා ඉසව්ව සඳහා සහභාගී වූයේ ගයනි දිසානායක, ලක්රුවන් ද සිල්වා, දිනූෂා ද සිල්වා සහ රුවන් කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්.
ගයනි දිසානායක, ලක්රුවන් ද සිල්වා දෙවැනි ස්ථානයට තරගය නිමා කරමින් ඊළග අදියර ඇරඹිමට සහායකයින්ට අවස්ථාව දුන්න ද, දිනූෂා ද සිල්වා තමන්ගේ පාපැදි අදියර නිමා කර ධාවන අදියරට හුවමාරු වන අවස්ථාවේ දී ප්‍රතිවාදී ක්‍රීඩිකාවක් හා ගැටීමෙන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා. ඊළග කිලෝමීටර් 1.2 ඇය ධාවනයේ යෙදී ඇත්තේ තම දණහිසේ වු තරමක ලොකු තුවාලයක්ද සමගිනුයි.
ශ්‍රී ලංකාවට රිදී පදක්කමකට යෑමට තිබූ අවස්ථාව ඒ වනවිට මගහැරී තිබුණ ද ඇය කෙසේ හෝ රුවන් කුමාරට 3 වැන්නා ලෙසින් තරගය භාර දුන්නා.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව හිමිවූයේ ලෝකඩ පදක්කමක් වුවත් එය රන් හා වටින අතර කැපවීම අධිශ්ඨාන සහ විශ්වාසය රැඳි අගනා ක්‍රීඩිකාවකගේ උත්සාහය ලක්මවට ඉමහත් අභිමානයකි.