අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටි භික්ෂූන් වහන්සේ සිව්නමක් හෝමාගම පොලීසියට භාර වී තිබේ.
රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, සිහල රාවයේ සභාපති අක්මීමන දයාරතන ඇතුළු තවත් ස්වාමින් වහන්සේ දෙනමක් මෙලෙස හෝමාගම පොලීසියට භාර වූ බව අප වාර්තාකරු පැවසීය.
බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෑතකදී හෝමාගම උසාවියට ඉදිරිපත් කරන ලදුව රිමාන්ඩ් කළ අතර එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණ බවට භික්ෂූණ් පිරිසකට චෝදනා ද එල්ල විය.
එසේ කලහකාරි ලෙස හැසිරුණු භික්ෂූණ් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබිණ.