නව පක්ෂයක් හැදීමේදී ශ්රීලනිප මන්ත්රීවරුන්ට එල්ල වන බාධා මගහැරීම සඳහා නව පක්ෂයක් වෙනුවට පුළුල් දේශපාලන සංවිධානයක් හැදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන මන්ත්රීවරුන්ට ශ්රීලනිපයෙන් බාහිරව පිහිටුවන අලුත් පක්ෂයකට එක්වුවහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර විනය පියවර ගන්නා නිසා මෙම යෝජනාවට වැඩි පිරිසකගේ අවධානය යොමුවී තිබේ.
පක්ෂයක් නොවන මෙවැනි සංවිධානයක් පිහිටුවහොත් පිටස්තර දේශපාලන බලවේගවලට ද මීට එක්විය හැකි බව බවට අදහස් පළවී ඇත.
පළාත් පාලන මැතිවරණයට දින නියමකරන තුරු එජනිස මන්ත්රීවරුන් නියෝජනය වන නව පක්ෂයක් නොපිහිටුවීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.