ඊයේ (14) ඉන්දියාවේ පැවති ශ්‍රී ලංකා – ඉන්දියා පන්දුවාර 20 තරඟාවලියේ තුන්වන තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. එහිදී ශ්‍රී ලංකා පරාජයට විනිසුරුවරුන්ගේ නොසැලකිලිමත් තීරණ දෙකකුත් හේතු වූවා යැයි මේ වන විට ක්‍රීඩා ක්ෂේත්රයේ කතාබහට ලක්වී තිබේ.
ඒ කෙසේ වෙතත් මේ සිදුවීම් අතරතුර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු හිටපු තේරීම් කමිටු සභාපති වූ සුපිරි පිතිකරු සනත් ජයසුරිය සිය ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර සිටියේ විනිසුරු තීරණ පිළිගැනීමට නොහැකි බවත් තමාට සිතුනේ ඉන්දියාව ක්‍රීඩකයින් 13ක් සමග ක්‍රීඩාකරන බවත්ය.
ඔහු එසේ ඔහුගේ විරුද්ධත්වය පළ කරද්දී ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා ලෝලීන් සනත්ගේ එම සඳහන අගය කරමින් සනත් සමග එකට සිට ගත්හ.
කෙසේවෙතත් අප මතකය දිවයන්නේ, සනත් ජයසුරිය තේරීම් කමිටු සභාපති වී සිටි සමයටයි. එම කාලවකවානුවේද තරඟ පරාජයට පත් වන අවස්ථාවේදී කිසිවෙකු එවැනි ආකාරයේ සඳහන් නොකළහ. ක්‍රීඩා ලෝලීන් වේවා හිටපු ක්‍රීඩකයින් වේවා සැමවිටම සඳහන් කර සිටියේ සනත් ඇතුලු තේරීම් කමිටුව ගෙදර යා යුතු බවයි. එහෙත් අද සනත් නියම ශ්‍රී ලංකා පුරවැසියෙක් ක්‍රිකට් වලට ආදරය ඇති පුද්ගලයෙකු විලස අසාධාරණය වෙත ඇගිල්ල දිගු කළහ. වර්තමාන තේරීම් පිලිබඳ විවේචන කොතෙකුත් ඇත. එහෙත් ඔහු ඒවා විවේචනය නොකරයි. ඒ ඔහුගේ මහත්මා ගතියයි. වර්තමනේයේ සමහරක් ගොන් තේරීම්වලට ඇඟිල්ල දිගු කරන්න කිසිවෙකු නැත. කටමැත දොඩන බොහෝ පිරිස් තේරීම් කමිටුවේ සිටින්නේ කවුදැයි කියාවත් හරියට නොදන්නා බව අප දනිමු.
විවේචනය සාධාරණය තිබිය යුතුය. එහෙත් පක්ෂපාති නොවිය යුතුය.
සනත් එදා ඔබට පුංචි දේටත් ගෙදර යමන් කියූ උදවිය අද ඔයාව මලින් සරසන්න හදන්නේ රට වෙනුවෙන් දැමු පොඩි ට්වීට් පණිවිඩයක් නිසාවෙනි. එහෙත් ඔබ සැමවිටම රට වෙනුවෙන් ක්‍රීඩා කල තීරණ ගත් මහත්මයෙකු බව අප දනිමු.