• Sat. Jan 28th, 2023

තම මව සිරකළ මාර දියණියක් අත්අඩංගුවට.

mother and dagtuter

මැද මහනුවර උඩතැන්න ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස සිරකර සිටි වයස 87 ක මවක් පොලීසියට ලැබුණු තොරතුරක් මත උඩුදුම්බර පොලීසිය මගින් ඊයේ (15දා) සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නිතීඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

වයස 51 ක් වයසැති එකම දියණිය විසින් ඉදිකරමින් පවතින මහල් නිවාසයේ බිම්මහලේ ඉටිකොළවලින් ආවරණය කළ කූඩුවක් වැනි කොටසක වයසැති මව සිර කර සිටි බව පොලීසිය පවසයි.

උඩුදුම්බර පොලීසිය එහි යනවිට මවගේ ඇඟෙහි කිසිදු ඇඳුමක් නොතිබූ බවත්, රෙදි කැබැල්ලකින් පමණක් වසා සිටි බවත් උඩුදුම්බර පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී තහවුරු වි ඇත. මවට කිසිදු සත්කාරයක් නොකර ආහාර පවා දින ගණනකින් ලබා දී නොමැති බවත්,මව දැනට කුෂ්ට රෝගයකින්ද පෙළෙමින් සිටින බවත් අනාවරණය වීතිබේ.

උඩුදුම්බර පොලීසිය අදාළ මව මැද මහනුවර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් දියණිය අද (16) තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *