• Thu. Feb 2nd, 2023

තාජුඞීන් ඝාතනයට සම්බන්ධ වීඩියෝ දර්ශන තවම රට යවා නෑ..!

thajudeen merderරගර් ක‍්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ගේ ඝාතනයට අදාළ සී.සී.ටී.වී. (CCTV) කැමරා දර්ශන ඇතළත් වීඩියෝ පට විදේශීය රටකට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා රහස් පොලිසියට නියෝග කර මාසයකට අධික කාලයක් ගත වුවත් එම වීඩියෝ පට තවමත් අධිකරණය භාරයේ තිබෙන බවට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් කරුණු ඊයේ (15) අනාවරණය විය.

ඉකුත් ජනවාරි 7 වන දින අතිරේක මහේස්ත‍්‍රාත්වරයා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මඟින් අදාළ වීඩියෝ පට සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් තිබූ නිර්දේශයන්ට අනුව රහස් පොලිසිය වෙත මෙම වීඩියෝ පට විදේශීය විද්‍යාත්මක රසායනාගාර වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබිණ.

2012/5/17 වන දින සිදු වූ මොහොමඞ් තාජුඞීන්ගේ ඝාතනයට අදාළව රහස් පොලිසිය සිදු කළ විශේෂ විමර්ශනයේදී ලබාගත් සී.සී.ටී.වී. කැමරා දර්ශන ඇතුළත් වීඩියෝ පට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කර තිබූ අතරඊට අදාළ වාර්තාව 2016/01/04 දින කොළඹ විශ්වවිද්‍යාලය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මඟින් වීඩියෝ පට වැඩිදුර විමර්ශනය සඳහා අමෙරිකාවේ ත්‍ඊෂ හා කැනඩා මෙට්‍රොපොලිටන් ආයතන වෙත යොමු කරන ලෙසට නිර්දේශ කර තිබිණ. ඒ අනුව ඉකුත් 7 වන දින අධිකරණය රහස් පොලිසියට නියම කරමින් විශ්වවිද්‍යාලයේ නිර්දේශිත ආයතන හෝ ඊට වඩා හොඳයැයි සිතන ආයතනයක් වෙත සී.ඞී. තැටි යොමු කර වාර්තාවක් ලබාගන්නා ලෙසට නියෝග කර තිබිණ. එහෙත් එම සී.ඞී. තැටි නඩු භාණ්ඩ රහස් පොලිසිය මේ වන තෙක් ලබා නොගැනීම හේතුවෙන් ඒවා අධිකරණ සේප්පුවේ රඳවා තැබීමට මහේස්ත‍්‍රාත්වරයා නියම කර ඇත.

මෙම සී.ඞී. පටවල දර්ශන රාත‍්‍රී කාලයේදී වීමත් වීදිපහන් ආලෝකය හා වාහනවලින් කෙළින්ම පතිත වන අධික ආලෝක ධාරාව නිසා දර්ශන අපැහැදිලි බවට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨාධිපති අත්තනායක මහතා සිය වාර්තාවේ දක්වා තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *