සිය ජර්මන් සංචාරයේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකාව ආයෝජන ගමනාන්තයක් (ඓන්වෙස්ට්මෙන්ට් ඪෙස්ටිනටිඔන්) බවට පත් කිරීම බව. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් සමග පැවැති සුහද හමුවකදී බර්ලින් නුවරදී පැවැසීය.
ශ්‍රී ලංකාවට ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබූ යුද අපරාධ චෝදනා, මානව හිමිකම් ගැටලු ආදිය යථා තත්ත්වයට පත්වී මේ වනවිට ප්රජාතන්ත්රවාදය තහවුරු වී තිබෙන බැවින් දැන් කළ යුතුව ඇත්තේ තමා මේ වසර ආරම්භයේදි ප්‍රකාශ කළ පරිද්දෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නංවා රටේ ආර්ථීකය ශක්තිමත් කර ඒක පුද්ගල ආදායම ඉහළ නැන්වීම බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කළේය.