• Mon. Jan 30th, 2023

අපේ රටින් බාගයකට කිට්ටු ජනකායක් දුගී බවට පත්වීමේ අවදානමක් ලෝක බැංකුව හෙළි කරයි..!

poor people sri lankaනැති බැරිකම අඩු කරගැනීමේදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්පත් කරගෙන ඇතත් රටේ ජනතාවගෙන් බාගයකට ආසන්න පිරිසක් නැවතත් දරිද්‍රතාව වෙත ඇද වැටීමේ බරපතල අවදානමක් ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.සමස්ත ජනගහණයෙන් සියයට හතකට අඩු  පිරිසකට දුගී බව සීමා කරගනිමින් කර ගනිමින්, ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ලෝක බැංකුව විසින් හඳුන්වා ඇත්තේ  ‘දිරි එලවන සුළු’ එකක් ලෙසිනි.

එසේ වෙතත්, ජනතාවගෙන් සියයට හතලිහක ප්‍රතිශතයක්.

මුහුණ පා සිටින්නේ සිටින්නේ යළි දරිද්‍රතාව වෙත ඇදවැටීමේ බරපතල අවදානමකට බවයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා දුගී දුප්පත්කම පිළිබඳව සිදුකෙරුණු අලුත්ම  පර්යේෂණයේ ප්‍රතිපල එලි දක්වමින් ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ.

දවසේ පඩිය රු. 225 යි.

එම අවදානමට මුහුණ දී සිටින ලාංකිකයන්ගේ සාමාන්‍ය දෛනික ආදායම රුපියල් 225ක බව බත්තරමුල්ල, ජනකලාකේන්ද්‍රයේ ‘අපේගම’ පරිශ්‍රයේදී  15 අඟහරුවාදා එලි දැක්වුණු ලෝක බැංකු වාර්තාවේ දැක්වේ.

 

කෙසේ වුවද රට අත්කරගෙන ඇති ප්‍රගතිය රඳාපවත්වා ගන්නට නම් පොදු සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ ආර්ථික අන්තර්කරණ අභියෝග සමඟ දිගින් දිගටම ‘පොරබැදිය’ යුතු බව ලෝක බැංකුවේ පිළිගැනීමයි.

 

එහිදී ‘පාලනයේ උදාසීන භාවය’ අදායම් ඉපයීමටත් පලදායී ලෙස වියදම් කිරීමටත් රාජ්‍යයට ඇති හැකියාවට බාධා පමුණුවා ඇති බව පවසන අතරේම ලෝක බැංකුව පවසන්නේ බැංකු ක්ෂේත්‍රය ඇතුලු ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර වල රාජ්‍ය අංශයේ බලපැවැත්ම ගැටළු සහගත බවයි.

 

රාජ්‍ය වැය කප්පාදු කළ යුතු බවට ලෝක බැංකුව මීට ඉහතදී රජයට නිර්දේශ කර තිබුනි.

 

WB report on SL participants

 

ආර්ථිකය සහ ජනවර්ගය.

 

ඔවුන්ගේ පර්යේෂණය විසින් අනාවරණය කෙරුණු කරුණුවලට අනුව වාසය කරන ප්‍රදේශය, ස්ත්‍රී පුරුෂභාවය හා ජනවර්ගය යන කරුණු ආර්ථික වර්ධනයේ විෂමතාවට බලපායි.

යුද්ධයේ ග්‍රහණයට නතුවුණු උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල  ‍සැලකිය යුතු තරමේ විශාල පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව මෙහි සඳහන් ය. ඊට අමතරව විශාල ජන ඝනත්වයක් සහිත නගර කේන්ද්‍රීය හා නගරාශ්‍රිත ප්‍රදේශ, වතුකරය සහ මොණරාගල මෙම දරිද්‍රතාව සලකුණු කරයි.

ඇති නැති පරතරය පියවා ලීමට නම් රටේ ආර්ථික දේහයට ශ්‍රී ලංකාව් දෙමළ ජනතාව මුළුමනින්ම අන්තර්ග්‍රහණය කරගැනීම ප්‍රමුඛත්වයේ ලා සැලකිය යුතු බව ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික වේදී මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට්ස් මේ මස මුල කොළඹ පැවති ජාත්‍යන්තර සමුළුවකදී අවධාරණය කර තිබුනි.

 

කාන්තා දායකත්වය.

එසේම, මැදි ආදයම් රටක් ලෙස දශක ගණනාවක් පුරා දේශීයව වෙසෙන  කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය, සැළකිය යුතු පමණින් ශ්‍රම වෙළෙඳපොලට ලැබී නැතැයි ලෝක බැංකු වාර්තාව පවසයි.

‘‘අපේ මෙම අලුත් වාර්තාවේ ඇති, දත්ත-සංඛ්‍යාලේඛන මත පදනම් වුණු සාක්ෂි සහ විශ්ලේෂණ අපට සුවිශේෂ වේදිකාවක් හදල දිලා තියෙනවා, ආණ්ඩුව හා අප අතර ඇති සහජීවනය මත පදනම්ව, සංවර්ධනයේ තිරසාරභාවය පවත්වා ගනිමින්, දුගී භාවයේ සිටින අයට රැකියා අවස්ථා උත්පාද කර ගන්නත්, ජනතාව අතර සිටින අවවරප්‍රසාදිත කණ්ඩායම් වලට සහන සැලසීමටත් අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර ගන්න’’ යනුවෙන් ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු භාර අධ්‍යක්ෂවරිය ෆ්‍රොන්සුවාස් ක්ලොත් ( Françoise Clottes ) ශ්‍රී ලංකා රජයට යෝජනා කළාය.

 

ඒ ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා දිය යුතු බවයි අගමැතිවරයා ඉල්ලා සිටියේ.

රැකියා වැඩිකොට දරිද්‍රතාව අවම කිරීම සඳහා “ආයෝජන සඳහා අවශ්‍ය ඉඩ සලසා දෙන අතරේම ගෝලීය වෙළෙඳපලේ සාර්ථක ලෙසින් තරග වැදීම සඳහා අපේ හැකියාව වර්ධනය කර ගැනීම අවශ්‍ය වී තිබේ,” යි අගමැති රනිල් වික්‍රමසිංහ ලෝක බැංකු වාර්තාවෙන් එළිවෙන දෑ අනුමත කරමින්  ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *