ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කර් ගේ ආරාධනයක් පරිදි ජර්මානු සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට විරෝධය පළ කරමින් ජර්මනියේ වෙසෙන එල්ටීටී ඊ හිතවාදීහු විරෝධය පළ කරමින් උද්ඝෝශණයක නිරත වී තිබෙනවා.
එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ රුවට සමාන කරමින් පඹයෙකු පුලුස්සමින් ඔවුහු එහිදි විරෝධය පළ කර සිට් බවයි වාර්තා සඳහන් වන්නේ.
එහිදී එය රූපගත කරමින් සිටි ජනාධිපති මාධ්‍ය අංශයේ කැමරා ශිල්පියා හා ගැටුමක් ඇතිකරගැනීමටද එල්ටිටි ඊ හිතවාදීහු උත්සහ කර ඇතැයිද වාර්තා වෙනවා.
ජනාධිපතිතුමාගේ ජර්මානු සංචාරයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාවට ආධාර පිණිස යුරෝ මිලියන 14ක ආධාර මුදලප්රධානය කිරිමට ජර්මානු රජය කැමැත්ත පළ කර සිටි දිනයේම එල්ටීටී ඊ හිතවාදීහු මෙම විරෝධය පළ කිරීමෙන් ඉස්මතු වන්නේ ශ්‍රී ලංකවේ වර්ධනය වීම ඔවුනට දරා ගත නොහැකි වීමත් යහපාලන රජය තුළින් අන්තවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීමේ හැකියාව නොමැති බැවින් යැයි මේ පිළිබඳ අදහස් පළ කරන සිටින දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කර සිටින්නේ.
https://www.facebook.com/apearata/videos/916671938440608