• Thu. Feb 2nd, 2023

ජර්මන් – ශ්‍රී ලංකා ජනපතිවරු හමු වෙති. (Photo)

 

sri lanka and german presidentජර්මනියේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජර්මන් ජනාධිපති ජොචිම් ගවුක් මැතිතුමා(Joachim Gauck) අතර නිල හමුව ඊයේ (17) පස්වරුවේ බර්ලිනයේ පිහිටි බ්ලේවියු මන්දිරයේ දී : ( Bellevue Palace )  – පැවැත්විණි.
 
ජර්මන් ජනාධිපතිතුමා විසින් මෙහිදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සාකච්ඡා ආරම්භ කෙරිණි. 
 
දශක පහකට වැඩි කාලයක සිට ජර්මන් රජය ශ්‍රී ලංකාෙවි සංවර්ධන කටයුතු සදහා ලබා දෙන දායකත්වයට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා ඉදිරියේදී දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
 
ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහදියාව තහවුරු කරමින් ඉදිරියට යන ශී්‍ර ලංකාවේ ඉදිරි ගමන් මග සදහා ජර්මන් රජයෙන් ලබාදිය හැකි ඉහළම දායකත්වය ලබාදෙන බවට ජර්මන් ජනාධිපතිවරයා මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සහතික විය.
 
ශී්‍ර ලංකා – ජර්මන් අතීත සබදතා පිළිබදව ද සිහිපත් කරමින් රාජ්‍ය නායක දෙපළ සුහද සාකච්ඡාවක නිරත විය.
 
රාජ්‍ය නායක හමුව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විසින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.01 02 03 06 07

Leave a Reply

Your email address will not be published. Required fields are marked *