• Thu. Feb 2nd, 2023

18ට අඩු අයට කාම වෙබ් අඩවි තහනම්.

ලංකාව සැලකෙන්නේ අන්තර්ජාලය හරහා ලිංගික කාරණා ගැන වැඩියෙන්ම සොයන කට්ටිය ඉන්නා අංක එකේ රටක් හැටියට බව මීට කලකට ඉහත අනාවරණය විය. ඇත්ත වශයෙන්ම ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල මේ වනවිට බොහෝ දෙනකු අන්තර්ජාලයේ ඇති කාම වබේ අඩවිවල රසවතුන් බවට පත්ව ඇති බව රහසක් නොවේ.

මෙම වබේ අඩවිවල අන්තර්ගත ලක්ෂ ගණන් විවිධ කාම දර්ශන ඇතුළත් වීඩියෝ කණ්ඩයන් සහ ඡායාරූප හරහා මේ බොහෝදෙනකු වෙනම කාම ලෝකවල සැරිසරන බව අමුතුවෙන් කිව යුතු නැත. අද වනවිට ලැප්ටොප් පරිගණක සහ ස්මාර්ට්ෆෝන් යන මෙවලම්ද බෙහෙවින් ජනප්‍රිය නිසා ඕනෑම කෙනෙකුට තමා කැමති මුල්ලකට වී රහසේ මේවා රස විඳීමේ නිදහසද විවර වී තිබේ. කාම වබේ අඩවි ජනප්‍රියවීමට සහ ව්‍යාප්ත වීමට මෙම මෙවලම්ද විශාල උපකාරයක් වී ඇති බව නොරහසකි.
වැඩිහිටියන් මෙම කාම වබේ අඩවිවල සැරිසැරීම ලොකු ගැටලුවක් ලෙස නොසලකතත් අද වනවිට වැඩිහිටි වයසට නොඑළැඹුණු යෞවන යෞවනියන් හා දරු දැරියන් මේවා නරඹන්නට විශාල වශයෙන් යොමුවී සිටීම බොහෝ විද්වතුන් සලකන්නේ බරපතළ සමාජ ප්‍රශ්නයක් සහ මනෝ විද්‍යාත්මක ගැටලුවක්ද වශයෙනි. එමනිසා මෙම ළාබාල පිරිස් මේවාට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා ලෝකයේ බොහෝ රටවල තොරතුරු තාක්ෂණවේදීහු විවිධ පියවර ගනිමින්ද පර්යේෂණ කරමින්ද සිටිති.
කාම වබේ අඩවි නැරඹීම ගැටලුවක් බවට පත් වන්නේ දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන ආකාරයෙන්ම මෙම වබේ අඩවිවලටද ඇබ්බැහි වීමේ හැකියාව පවතින නිසාය.

බොහෝ විට මුල් අවස්ථාවේ සාමාන්‍ය, සරල කාම දර්ශන නරඹන්නට යොමුවන බොහෝ දෙනකු කමෛන් ඊට ඇබ්බැහි වීමත් සමග වඩාත් දරුනු සහ ‘අසාමාන්‍ය’ යනුවෙන් සැලකෙන ලිංගික චර්යාවන් ඇතුළත් වීඩියෝ කොටස් නැරඹීමට යොමුවන බව මේ පිළිබඳව සමීක්ෂණ කරන විශේෂඥයෝ පෙන්වා දෙති. පිරිමින් තනිව හෝ සමූහ වශයෙන් කාන්තාවන් දූෂණය කරන දර්ශන, සතුන් සමග හැසිරෙන දර්ශන වැනි අන්තයට ගිය කාම චර්යාවන් සහිත වීඩියෝ කණ්ඩයන් නැරඹීම නිසා පුද්ගලික වශයෙන්ද, සමාජමය වශයෙන්ම ගැටලු ඇතිවන තත්ත්වයන් නිර්මාණය වන බව මේ විද්වතුන්ගේ අදහසයි.

මෙම දරුණු ගණයේ වීඩියෝ කණ්ඩයන් විසින් නරඹන්නා රැගෙන යන්නේ කිසියම් ආකාරයකට යථාර්ථයෙන් දුරස් වූ සිහිනමය කාම ලෝකයකටය. එහි ගැහැනුන් මිනිසුන් හැසිරෙන ආකාරය බොහෝ දුරට විවිධ තාක්ෂණික ප්‍රයෝග, සංස්කරණ ප්‍රයෝග හරහා වැඩිදියුණු කරන ලද ආකාරයන්ය. නමුත් මේවාට ඇබ්බැහි වන බොහෝදෙනා මේවායේ ඇති මිථ්‍යාව සහ සැබෑව අතර වෙනස තේරුම් ගන්නට අසමත් වෙති. මෙම අසමත් බවට වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ තවමත් යොවුන් හෝ ළමා වියේ පසුවන නරඹන්නන්ය. මේ අතාත්වික සහ අසාමාන්‍ය ලෙස හඳුන්වන ලිංගික චර්යාවන්ට මුලා වීම නිසා ඔවුන් පසුකාලයේ සැබෑ ගැහැනුන්ගේ සහ මිනිසුන්ගෙන් සැබෑ පරිසරයන් තුළ තෘප්තිමත් වීමේ නොහැකියාවකට ගොදුරු විය හැකි බව ඇතැම් මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි. මේ නිසා ඔවුන්ගේ විවාහ ජීවිතද, ලිංගික ජීවිතද විශාල අර්බුදයන්ට ගොදුරු වන්නටත්, ඒ නිසාම විකෘති මානසික තත්ත්වයන්ගෙන් යුතු මානසික රෝගීන් බවට පත්වන්නටත් හැකියාවක් ඇති බව ඔවුන් පෙන්වා දෙන වැදගත් කාරණාවකි.

මෙම විද්වතුන් පෙන්වා දෙන තවත් බිහිසුණු තත්ත්වයක් වන්නේ මෙම මානසික තත්ත්වයන් නිසා සමහර විට ඉහත කී ‘අන්තවාදී’ ලිංගික චර්යාවන් ප්‍රායෝගිකව පිළිපැදීමේ විකෘතිතාවන්ට පවා ඇතැමුන් පෙළැඹිය හැකි බවය. ස්ත්‍රී දූෂකයන්, සතුන් සමග හැසිරෙන්නන් වැනි අසාමාන්‍ය පුද්ගලයන් ලෙස මේ සමහරුන්ගේ ජීවිත හැඩ ගැසිය හැකි බව ඔවුහු පෙන්වා දෙති. කාම වබේ අඩවි නිසා කාන්තාවන් හුදෙක් ලිංගික සත්වයන් කොටසක් ලෙස පමණක් දකින්නට පෙළඹීමද මෙම විද්වතුන් අවධාරණය කරන තවත් සමාජ ගැටලුවකි.

යොවුන් වියේ අය මෙවැනි ඉරණමකට ගොදුරු වන්නේ නම් එය සැබැවින්ම බරපතළ සමාජ ගැටලුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මේ අතර කාම දර්ශන ඇතුළත් වීඩියෝ හෝ ඡායාරූප නැරඹීම නිසා සිතන තරම් හානියක් සිදුනොවන බවට තර්ක කරන විද්වතුන්ද සිටින බව අමතක කළ හැකි නොවේ. ඔවුන් තර්ක කරන්නේ මෙවැනි වීඩියෝ ආදිය නැරඹීමට යොමුවීමෙන් ලිංගික අපරාධ ආදිය පවා අඩුවිය හැකි බවයි. මන්ද යත් නරඹන්නන් තුළ සිරවී ඇති ලිංගික ආශාවන් මෙම වීඩියෝ දර්ශන මගින් කිසියම් දුරකට මුදාහැරෙන බැවිනි. මෙවැනි කාම දර්ශන නැරඹීමෙන් දරුවන් පසු කාලයේ විකෘතිභාවයන්ට යොමුවන බවට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නැති බව පවසන පාර්ශ්වද සිටින බව සිහිපත් කළ යුතුයි.

කෙසේ වෙතත් අද ලෝකයේ බොහෝ රටවල් මෙයට පිළියම් යෙදීම හදිසි අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති අතර ඒ වෙනුවෙන් විවිධ පියවර ගනිමින්ද තවත් අලුත් පියවර අත්හදා බලමින්ද සැළසුම් කරමින්ද සිටිති. ලංකාවේ බලධාරීන්ද මෙවැනි වබේ අඩවිවලට පිවිසීම අවහිර කිරීමේ යම් යම් පියවරයන් ගන්නට සැළසුම් කළද ඒවා එතරම් ඵලදායක වීදැයි කිව හැකි නොවේ.
මේ අතර මේ සම්බන්ධයෙන් තවත් අලුත් පියවරක් ක්‍රියාවට නගන්නට බ්‍රිතාන්‍යයේ තාක්ෂණවේදීහු සැළසුම් කරමින් සිටිති. එමගින් ඔවුන් උත්සාහ කරන්නේ මෙම කාම වබේ අඩවිවලට පිවිසෙන ග්‍රාහකයින්ගේ වයස් සීමාව පිළිබඳව දැනගත හැකි කිසියම්
තාක්ෂණික උපක්‍රමයක් ක්‍රියාවට නගන්නටය. මේ ආකාරයෙන් ග්‍රාහකයන්ගේ වයස දැනගත හැකි මෘදුකාංග එම රටවල ඇතැම්
ක්‍ෂේත්‍රලට අදාළව ක්‍රියාත්මක වන බවද සඳහන් වේ. මෙම ක්‍රමවේදයන් කාම වබේ අඩවි ක්ෂේත්‍රයටද හඳුන්වා දීමෙන් මෙම ගැටලුව ජයගත හැකි වනු ඇති බව පෙන්වා දෙනු ලැබේ. මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාවට නැගීම පිළිබඳව ජනතාවගෙන් සහ විවිධ විශේෂඥයන්ගෙන් අදහස් ලබාගැනීමේ මත විමසුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙයි.

මෙහිදී ග්‍රාහකයින් වබේ අඩවිවලට පිවිසීමේදී ඔවුන්ට තමුන් පිළිබඳ පෞද්ගලික තොරතුරු ප්‍රකාශ කරන්නට සිදුවන අතර ඉන්පසු මෙම තොරතුරු ඡන්දදායක ලැයිස්තු, රියැදුරු බලපත්‍ර රෙජිස්ටාර් ආදියේ ඇති තොරතුරු සමග සන්සන්දනය කිරීමෙන් ඔවුන් පිළිබඳ සත්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් පවතින බවකි සඳහන් වන්නේ.

මෙම උපක්‍රම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට වඩා වැඩිදියුණු ක්‍රම හඳුන්වා දීමටද බලා‍පොරොත්තු වන බව පැවැසේ. මෙහිදී බොහෝ දෙනා පුදුමයට පත් කරමින් මෙවැනි කාම වබේ අඩවි පවත්වාගෙන යන ආයතනද මීට සියලු සහයෝගය ලබාදීමට ඉදිරිපත්ව සිටියි. එහිදී මේ සඳහා නව උපක්‍රම සැළසුම් කිරීමට ඔවුන්ද පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *