• Fri. Feb 3rd, 2023

ජනාධිපති කාර්යාලයෙන් විමල් වීරවංශට දුන් වාහන සාක්ෂි එක්ක මෙන්න..!!

BySandun

Feb 18, 2016


නාගරික සංවර්ධන ඉංජිණේරු හා පොදුපහසුකම් අමාත්‍ය ධූරයේ සිටියදී විමල් වීරවංශ මහතාගේ ඥාතීන් සහ පක්ෂ ක්‍රියාකාරිකයින් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නවීන මෝටර් රථ ලබා දී ඇත.

මෙලෙස ලබා දුන් මෝටර් රථ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කුලී ලෙස ගෙවූ මුදල රුපියල් මිලියන ගණනකි.

img_9900ඒ අනුව විමල් වීරවංශ මහතාගේ වැඩිමහළු සහෝදරයා වන සරත් වීරවංශ මහතාට Minsubishi Montero Sports වර්ගයේKT 5335 දරන ජිප් රථයක් ලබා දී තිබෙන අතර ඒ සඳහා මාසිකව කුලිය 150,000ක් ගෙවයි.
ඒ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන ප්‍රියන්ජිත් විතාරණ මහතාට මාසික කුළිය රුපියල් 80,000ක් ගෙවාKO 1375 දරණToyota Allion 240වර්ගයේ මෝටර් රථයක් ලබා දී ඇත.

 

 

2lc62rd

 

මාසිකව 120,000ක් කුලිය ගෙවමින් PB 0645 දරණDouble Cabරථය වීරවංශ මහතාගේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකයා වන නිමල් ජයසිංහ නැමැත්තාට ලබා දී ඇති අතර අමාත්‍යවරයාගේ හම්බන්තොට සංවිධායකයා වන කොඩිතුවක්කු නම් පුද්ගලයා සඳහා NisanNavara PE 6432 Cab රථය ලබා දීම සඳහා තවත් 120,000ක් මාසිකව කුලී ගෙවා ඇත.

navara_d40_cmeවිරවංශ මහතා හරහා එක්සත් ජනතා සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පසුගිය මහ මැතිවරණදී තරග කර පරාජයට පත් වූ ප්‍රියන්ත බෙල්ලන මහතාට තවත් 120,000 ක් මාසිකව ගෙවමින් JP 4312 දරණDouble Cabරථය ලබා දී ඇත.
458226-500x374විරවංශ මහතාගේ ප්‍රචාරක ලේකම් ඒම්. මුසම්මිල් මහතා භාවිතා කරණKO 9480 දරණ Toyota Alion 260 රථය සඳහා මාසික කුළිය රුපියල් 80,000කි.

එමෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ විමල් විරවංශ මහතා හරහා එක්සත් ජනතා සන්ධානයෙන් මන්ත්‍රීධුරයක් ලබන පද්ම උදයශාන්ත මහතාටද මාසිකව රුපියල් 80,000ක් ගෙවමින් KO 9416 දරණ Toyota Premio රථය ලබා දී ඇත.

මේ ආකාරයෙන් දැනට හෙළිවී ඇති විමල් වීරවංශ මහතාගේ ඥාතීන් සහ දේශපාලන හිතවතුන් හත් දෙනෙකුට පමණක් වාහන ලබා දීම සඳහා කුළිය ලෙස වසරකදී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දරා ඇති පිරිවැය රුපියල් මිලියන 9කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *