පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා එරෙහි වී ඇත. ඔහු මේ බව රජයට දන්වා තිබේ.
පලාලි ගුවන් තොටුපළ පුළුල් කළහොත් මයිලඩ්ඩි වරායේ ධීවර කටයුතුවලට හානියක් සිදුවන බව විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.
එහෙත් පලාලි ආරක්ෂක ආරංචි මාර්ග පැවසූයේ මයිලඩ්ඩි ධීවර වරායේ කිසිදු ධීවර කටයුත්තක් නොකෙරෙන බවයි.
මයිලඩ්ඩි ධීවර වරාය යළි ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නොත් පලාලි ගුවන් තොටුපළට තර්ජන එල්ල වන බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.
මයිලඩ්ඩි ධීවර වරාය නිදහස් කරන ලෙස යාපනය මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් කළ ඉල්ලීමද රජය ප්‍රතික්ෂේප කර ඇත.