• Thu. Feb 2nd, 2023

රෝගී අම්මයි අබාධිත තාත්තයි,නැන්දයි,මාමයි සිරිපා කරුණා කරවපු වයස 14ක දියණිය.

දාහතර හැවිරිදි පාසල් සිසුවියක් ආබාධිත පියා රෝගි මව දෑස් නොපෙනෙන මාමා සහ නැන්දා රැගෙන ශ්‍රී පාද ස්ථානය කරුණා කරවු සංවේදී පුවතක් වාර්තා වනවා.

සුරංගි පෙරේරා නමැති ඇය ගම්පහ සීදුව ප්‍රදේශයේ දවිසමර මහා විද්‍යාලයේ හයවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක්. මෙම පිරිස ඉකුත් දා ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇත්තේ දුම්රියෙනි.

sri-padha- (5)අගහිඟකම් රාශියක් මැද්දේ ආබාධිත තම පියාගේ ආවතේව කටයුතු සහ රෝගි මවගේ ආවතේව කටයුතු කරමින් තම අධ්‍යාපන කටයුතු පවා අඩාල කරගෙන සිටින මෙම සිසුවිය දෑස් නොපෙනෙන පනස්හැවිරිදි නැන්දා සහ මාමාවද බලා ගනිමින් සිය ජිවිකාව රැගෙන යනු ලබනවා.

ස්ථිර නිවසක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති මෙම පිරිස දුම්රියේ ගමන් ගන්නා මගීන් ලබා දෙන මුදලින් තම ජිවිකාව රැගෙන යනු ලබනවා.

නල්ලතන්නිය වෙත ගිය එම පිරිස මෙම දියණියගේ මග පෙන්විම යටතේ ශ්‍රී පාදය කරුණා කර නැවත සිය ගම් රට බලා යෑම සදහා හැටන් දුම්රිය ස්ථානයට පැමිණියා.

අද ඇතැම් දුදරුවන් දෙමාවිපියන්ට නොසලකා සිටියද තමන්ට එය සිදුකළ නොහැකි බවත් තමන් මෙලොවට බිහිකළ දෙමවිපියන් ජිවත්ව සිටින තාක්කල් තමන්ට හැකි පමණීන් රැුsri-padha- (4)ක බලා ගැනිම තම යුතුකම බවයි සුරංගි පෙරේරා සිසුවිය පවසන්නේ.

තමන්ට මව සහ පියත් නැන්දා සහ මාමාවත් ශ්‍රී පාද ස්ථානය වැඳපුදා ගැනිමට යෑමට විශාල පිරිසක් උදව් උපකාර කළ බවත් ශ්‍රී පාදය කරුණා කරන අවස්ථාවේ නැන්දා සහ මාමා මගහැරුණු බවත් පසුව පොලිස් නිළධාරින්ගේ සහයෝගය මත ඔවුන්ව සොයා ගත් බවත් සුරංගි පෙරේරා සිසුවිය පවසා සිටියා.


මෙම කුඩා දැරියගේ මෙම උතුම් ක‍්‍රියාව වටහාගත් නල්ලතන්නියේ ඉඳිකටු පානේ පොලිස් නිළධාරින් මෙන්ම හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ ස්ථාන බාර නිළධාරි සහ හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා හැකි පමණින් ඔවුන්ට සිය ගම් රට බලා යෑමට උදව් උපකාර කර තිබෙනවා.

තමන්ට සහ තම පවුලේ ඥාතින්ට ඉඩම් කැබැල්ලක් හෝ ස්ථිර නිවසක් නොමැති නිසා හැකි නම් නිවසක් ඉදිකර දෙන ලෙසයි ඇය හැටන් දුම්රිය ස්ථානයෙන් නික්ම යෑමට පෙර ඉල්ලා සිටියේ.

හැටන් දුමිරිය ස්ථානයට උදෑසන 10.40 ට කොළඹ කොටුව බලා ධාවනය වන උඩරට මැණීකේ දුමිරියේ ආසන කලින් වෙන්කර ගෙන තිබු සුරංගි සිසුවිය දුමිරිය පැමිණීමෙන් පසු දුමිරියට ගොඩවි ඔහුන් සියලූ දෙනාට ආසන සොයා දෙමින් හැටන් දුමිරිය ස්ථානයෙන් ඇය නික්ම ගියේ ලොවටම ආදර්ශයක් ලබා දෙමින්.sri-padha- (1)sri-padha- (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *