• Mon. Feb 6th, 2023

ප්‍රභාකරන්ගෙන් පසු දෙමළ ජාතික ගීයට එරෙහි වූයේ රාජපක්ෂ රජයයි.

BySandun

Feb 19, 2016

1948 පෙබරවාරි මස හතර වැනි දා එදවස සිලෝනය ලෙස හැදින්වුණු ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. 1954 මැයි මස 21 වැනි දා මා උපත ලැබුවේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන සිලෝනයකය. 1972 මැයි මස 22 වැනිදා සිලෝනය ජනරජයක් පත්වූවාය. ඕතොමෝ නිල වශයෙන් තම නාමය ශ්‍රී ලංකාව ලෙසද වෙනස් කරගත්තාය. ස්වාධීනත්වය ලබා 68 වසරක් ගතවිය. ඒ අරබයා ජාතික දින උත්සවය ගාලූමුවදොර පිටියේදී පැවැත්විණි. එහිදී අප ජාතික ගීය සිංහල හා දෙමළ දෙබසින්ම ගැයීම සුවිශේෂී සිදුවීමක් විය.

පසුගිය දශක කිහිපය පුරාවට මම ජාතික නිදහස් දින උත්සව රැසක් නරඹා ඇත්තෙක් වෙමි. නමුත් මෙවර මගේ දිවියේ ප්‍රථම වතාවට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයනු දුටුවෙමි. මෙවැන්නක් මාගේ ජීවිත කාලයේදී දැකිය හැකිවනු ඇතැයි මට කිසිදු අපේක්ෂාවක් නොතිබුණි. තරුණ ගායක ගායිකාවන්ගෙන් සැදුම් ලත් ගායන කණ්ඩායමක් ද්යෝගයෙන් හා අභිමානයෙන් දෙමළ බසින් ජාතික ගීය ගැයූහ. ඔවුහු බම්බලපිටිය රාමනාදන් හින්දු කාන්තා විදුහලේ සිසුවියන් සහ කොළඹ විවේකානන්ද විද්‍යාලයේ සිසුන් වූහ. විනාඩි දෙකකුත් තත්ත්පර 32 කට ආසන්න කාලයක් ඔවුහු ජාතික ගීය ගැයුමට ගතකළහ. දශක කිහිපයකට පසු ප්‍රථම වතාවට රජයේ නිල අවසරය මත ජාතික නිදහස් දින උත්සවයකදී එසේ ජාතික ගීය දෙමළ බසින් ගැයින.

මේ දුටු මම කෙතරම් හැගුම්බර වූවාදැයි කීමට මට වචන නොමැත.මගේ ඇස් කදුලින් පිරී ගියේ මටත් නොදැනීමය. මට ඇඩුණු බව කීමට මම ලැජ්ජා නොවෙමි. අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාව නැරඹූ මම නැවත නැවතත් එම වීඩියෝ දසුන් පසුපසට ධාවනය කරමින් දෙමළ බසින් ජාතික ගීය ගැයෙනු අසා සිටියෙමි. මට කිහිප වතාවක්ම ඉකිද ගැසිණි. කදුලූ වැල් මාගේ දෙකොපුල් දිගේ ගලා යමින් තිබුණි. මා පාලනය කරගැනීමට මට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. රූපවාහිනී කැමරාව නිදහස් දින සමුරුවට පැමිණ සිටි ජනතාව දෙසට යොමුවූ විට ශ්‍රී ලංකා මාතාවගේ වැදගත්ම දරුවන් වන සිංහල ජාතිකයින් දෙමළ බසින් ජාතික ගීය ගැයෙනු අසාගෙන සීරුවෙන් සිටගෙන සිටිනු මම දුටිමි. එය ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨ මොහොතක් විය.

මගේ රට අලූත්,උද්යෝගීමත් නව මාවතක ගමන ආරම්භ කර ඇති බව මේ දුටු මට තේරුම් ගියේය. නිදහසින් පසු ගෙවුණු දශක ගණනාවක කාලයේ ජාතිය හා භාෂාව මුල්කරගෙන ගැටුම් ඇතිකරගනිමින් සිටි සමයේ නිමාවක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව යනු බහුජාතික බහු ආගමික අනන්‍යතාවක් හිමි රටක් බව සියලූදෙනා වටහාගනිමින් සිටින බවක් පෙනිණ.සිංහල ජාතියට හිමි ස්ථානය ආරක්ෂා කරගනිමින්ම මෙතුවක් කල් ඉවත්කර දමා තිබූ ජාතික සමගියට වැදගත් වන ඇතැම් දේ නැවත වරක් භාවිතය ගැනීමට,ඒ සදහා කටයුතු සැළසීමට රට සූදානමින් සිටින බවද පෙනිණ. මෙවර නිදහස් දින සමරුව නව පාලකයින් අතට පත්ව සිටින ශ්‍රී ලංකාව අලූත් ගමනක් යෑමට සූදානමින් සිටින බව පෙන්වූ සුබ ලකුණක් විය.

යෝධ ඉදිරි පිම්මක්.

සඳ තරණය කළ ප්‍රථම මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝන්ග් මෙසේ පැවසීය. ‘මෙය මිනිසෙකුට නම් කුඩා පියසටහනක් පමණයි. නමුත් මුලූ මිනිස් වර්ගයාටම නම් යෝධ ඉදිරි පිම්මක්.‘ මේ හා සමානවම නිදහස් දින සමරුවේදී ජාතික ගීය දෙමළ බසින් ගැයීමද රට නිවැරදි මාවතේ ගමන් කරමින් සිටිනා බව පෙන්වා දුන් සංකේතාත්මක වශයෙන් ඉතාම වැදගත් යෝධ ඉදිරි පිම්මක් ලෙස හදුන්වාදිය හැකිය. එය මේ දක්වා කාලයක් ශ්‍රී ලංකා ජාතිකත්වය හා ප්‍රධාන ප්‍රවාහයෙන් කොන්කර සිටි දෙමළ ජාතිකයින්ට නැවත වරක් ඉදිරියට පැමිණෙන ලෙස කළ සංඥාවකි. ව්‍යවස්ථාවෙන් රාජ්‍ය භාෂාවක් ලෙස හදුනාගෙන තිබෙන දෙමළ භාෂාවට එයට හිමි නිසි තැන ලබාදීමට යන බවද පෙන්වා දුන්නකි. ශ්‍රී ලංකාවේ දෙමළ බස කතාකරන්නේ දෙමළ ජාතිකයින්ම පමණක් නොවේ. ඉන්දියා දෙමළ ජාතිකයන් හා ශ්‍රී ලංකා මුස්ලිම් ජාතිකයින් රැසක්ද දෙමළ බස කතාකරන්නෝය. ප්‍රතිශතයක් ලෙස සැළකුවහොත් රටේ සමස්ත ජනගහණයෙන් සියයට 25 ක පමණ දෙනකුම දෙමළ භාෂාවෙන් අදහස් හුවමාරු කරගන්නෝය. මෙම සියලූ දෙනාටද ශ්‍රී ලංකාවේ තැනක් ඇති බව පසුගියදා ජාතික ගීය දෙමළ බසින් ගැයූ අවස්ථාවේදී සංකේත විය.

මෙවර නිදහස් දින සමරුවේදී ජාතික ගීය දෙමළ බසින් ගැයෙන බව නිවේදනය කිරීමත් සමග ඊට එරෙහිව ප්‍රබල විරෝධයක් නැගින. තමන් දේශහිතෛශීන් යැයි කියා ගන්නා කණ්ඩායම් ඉදිරියට පැමිණ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළහොත් එය ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇතැයි කියා සිටියහ. ‘ශ්‍රී ලංකා තායේ‘ ගායනා කරමින් ඊළාම්වාදීන් රට බෙදීමට කටයුතු කරන්නේයැයි තවත් සමහරු චෝදනා කළහ. ඥාති සංග්‍රහයට හා නිමක් නොමැති වංචා දූෂණයන්ට හවුල්ව චෝදනා ලැබ සිටින ඇතැම්හු රටේ ස්වාධීනත්වයට පරිහානියට පත්වෙමින් තිබේය කියමින් කිඹුල් කදුලූ හෙලුහ. රාජ්‍ය භාෂාවක් ලෙස දෙමළ භාෂාවට ව්‍යවස්ථාවෙන්ම හිමිව ඇති තැන ගැන මින් පෙර ප්‍රශ්න නොකළ ඒ පිළිබඳ කිසිදු උනන්දුවක් නොදැක්වූ පුද්ගලයෝ එක රැයින් ව්‍යවස්ථා විශාරදයින් බවට පත්ව දෙමළ බසින් ජාතික ගීය ගැයීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය වන බව කීහ. ජනපති සිරිසේනට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවට තර්ජනයක්ද මේ අතරේම නැගිණ.
දෙමළ බසින් ජාතික ගීය ගැයීමෙන් ශ්‍රී ලංකාව හා එහි ජනතාව මහත් අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණදෙනු ඇතැයි මනාව සංවිධානය කර තිබූ ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවී තිබිණ. රජයේ අභ්‍යන්තරයේ මෙන්ම එහි පිටත ඇතිව තිබෙන බෙදීම්ද,ප්‍රබල දේශපාලඥයින්ගේ මත දැක්වීම්ද සැළකිල්ලට ගත් මම මෙම ගැටලූවේදී රජය ඉදිරියට තැබූ පය ආපස්සට තබනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියෙමි.නමුත් මගේ බලාපොරොත්තු කඩවිය.මම මේ අවස්ථාවේ ජනපති මෛතී්‍රපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලූ සියලූ දෙනාට ස්තූතිය පලකර සිටීමට කැමැත්තෙමි.විරෝධතා මධ්‍යයේ වුවද නිවැරදි දෙය කිරීමට තරම් දේශපාලනමය දිරියක් තිබීම සම්බන්ධයෙන් මාගේ ආචාරය ඔවුනට හිමිය.

මගේ පාසල් සමයේ අපි කිසිවෙක් ජාතික ගීය සිංහල බසින් ගැයෙන්නේද,දෙමළ බසින් ගැයෙන්නේද යන්න ගැටලූවක් කර නොගත්තෙමු.කොල්ලූපිටිය සාන්ත තෝමස් විදුහලේ ඉගෙනුම ලැබූ සමයේ 1959 1964 වාර අවසාන රැස්වීම් වලදී ජාතික ගීය ගැයීමට අපි පුරුදුව සිටියෙමු.සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ වැනි ජාතීන්ට අයත් ළමෝද,සංස්කෘතිකමය කරුණු අරබයා එකිනෙකාගෙන් වෙනස් වූ කොළඹ හෙට්ටි,භාරත,සිධි,බෝරා,පාර්සි,චීන,මලයාලි,තෙලූගු වැනි ජන කොට්ටාශ වලට අයත් ළමෝද අප අතර සිටියහ.

සතුට හා ජීවය
ජාතික ගීය දෙමළ බසින් හා සිංහල බසින් එම ශබ්ද නැගෙන සේම ඉංග්‍රීසියට හරවා මුද්‍රණය කර තිබූ රෝනියෝ කොළ අපට දෙනු ලැබීය.කැමති ඕනෑම භාෂාවකින් ජාතික ගීය ගැයීමට අපට අවස්ථාව තිබුණද දෙමළ බස හැසිරවීමට වඩා ඉංග්‍රීසි බස හැසිරවීමට හැකියාව තිබුණු බැවින් අප බොහෝ දෙනා තෝරාගත්තේ සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියා තිබුණු ජාතික ගීය ගැයීමටය.දෙමළ ජාතිකයෙක් ලෙස එම වදන් වල අරුත පවා මා නොදැන සිටින්නට ඇත.නමුත් ප්‍රාථමික වසරේ උගත් දරුවකු වූ මට එහි ගණනක් නොතිබිණ.සංගීතමය ස්වරයක් තිබූ එම වදන් ගයනා විට සතුට හා ජීවය මට එකවර දැනිණ.

මගේ යෞවන වියේ මැද භාගයේදී අපි කොළඹ අතහැර යාපනයට සංක්‍රමණය වීමු.දෙමළ බසින් ජාතික ගීය ගැයෙනු මා ප්‍රථම වතාවට ඇසූයේ එහිදීය.වඩුක්කෝඩයිහි යාපන කොලීජියේ මුස්ලිම් හා මැලේ සිසුන් කිහිපදෙනෙකු හැරෙන්නට අනෙක් සියල්ලෝම දෙමළ ජාතිකයෝ වූහ.මේ කාලයේ ජාතිකත්වය මුල්කරගෙන දේශපාලනිකමය ඛෙදීම් ඇතිවෙමින් තිබිණ.ද්විතීය පාසල් සිසුන් වුවද රටේ ඇතිවෙමින් තිබූ විපර්යාසය අපි හදුනාගෙන සිටියෙමු.ඊළාම් සංකල්පය අප ජීවිත ආක්‍රමණය කර නොතිබුණද 70 දශකයේ දියත්කෙරුණු සම්මතකරණ කි්‍රයාදාමය හමුවේ දෙමළ සිසුහු සිටියේ කෝපයට හා කළකිරීමට පත්වය.රටින් කොන්කර දමා ඇතැයිද,ජාතිවාදී ඇසකින් අප දෙස බලන්නේයැයිද හැගීමක් අපට ඇතිව තිබිණ.

අප කුඩා ජාතික ගීයෙන් ගැයූවේ කුමක්දැයි මා වටහාගත්තේ මේ සමයේදීය.එහි කිසිම ජාතියක් හෝ ආගමක් හෝ උලූප්පා දක්වා නොතිබිණ.ශ්‍රී ලංකා මාතාවගේ ලක්ෂණ හා ඇයගේ ගතිගුණ පමණක් එහි තිබිණ.දෙමළ බසින් මා ජාතික ගීයේ අන්තර්ගතය කුමක්දැයි තේරුම්ගත්තද දෙමළ බසට වඩා සිංහල බසින් එය ගැයෙනු අසා සිටීමට මා කැමතිය.සිංහල බසෙන් ගැයෙන විට එය වඩා මියුරුය.නමුත් මෙයින් අදහස් වෙන්නේ දෙමළ ජාතිකයකු ලෙස දෙමළ බසින් මාගේ රටේ ජාතික ගීය ගැයීමට ඇති අවස්ථාව මා නොසළකා හරින බවක් නම් නොවේ.
වර්ගවාදී ගැටුම් උත්සන්නව සිංහල හා දෙමළ ජන කොටස් ක්‍රමයෙන් ඛෙදීවෙන්වීමට පටන් ගැනීමත් සමග සියල්ල වෙනස් විය.ගැටුම් උත්සන්න වත්ම උතුරේ පාසල් වල දෙමළ භාෂාවෙන් හෝ ජාතික ගීය ගැයීමට නැවතීමේ තිත තැබිණ.1956 වසරට පෙර යාපනයේ ප්‍රධාන පාසල් සියල්ලකම පාහේ දෙමළ සිසුනට සිංහල ඉගැන්වීමට ගුරුවරු සිටියෝය.නමුත් සිංහල පමණක් රාජ්‍ය භාෂාව ලෙස හදුන්වාදී දෙමළ ජාතිකයින් කොන්කර දැමුණු අවස්ථාවේ සිට සිංහල ගුරුවරුන්ට උතුරේ පාසල් වල හිමිව තිබූ ස්ථානය අහිමි විය.ජාතික ගීය ගැයීම දකුණේ ඇතැම් දෙමළ පාසල්ද අත්හැර දැමුවේය.නමුත් දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීම් කටයුතු සිදුවූ මුස්ලිම් පාසල් වල පමණක්දිගටම දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයිණ.

වර්ගවාදී ගැටුම් සමග කුමන භාෂාවකින් හෝ ජාතික ගීය ගැයීමට දෙමළ දේශපාලනය අනුගමනය කිරීමට ගත් නව ප්‍රතිපත්ති අනුව ඉඩක් නොවීය. මෙම තත්ත්වය දශක තුනකට ආසන්න කාලයක් නොවෙනස්ව පැවතිණ. ඊළාම් තමිල් අරසු කච්චි සහ පසු අවස්ථාවක එක්සත් දෙමළ විප්ලවවාදී පෙරමුණ ජාතික ගීයට විකල්ප ලෙස දෙමළ රාජ්‍ය ගීත හදුන්වාදීමට කටයුතු කළේ මේ සමයේදීය.දේශපාලන රැස්වීම් වලදී මෙම ගීය ගැයිණ.අවම වශයෙන් ගීත තුනක්වත් තිබිණ.

දෙමළ රාජ්‍ය ගීත

වාද ඒසාත් තමිසහම්,වාද ඒන්ඩ්රුම් වාල්හවේ (දෙමළ ඊළාම් භූමිය දිගු කල් දිනේවා,සදාකල්හිම දිනේවා) එයින් එක් ගීයක් විය.එය රචනා කළේ පරමහම්සාතසන්ය.එන්ගල් ඒසාත් තමිස්හ් තිරුනාඩු,කාලයි වාසුම් පොන්නාඩු (අප ශ්‍රේෂ්ඨ දෙමළ ඊළාම් දේශය,සෞභාග්‍යයෙන් පිරි රන්වන් දේශය) තවත් එකකි.එය රචනා කළේ හිටපු දෙමළ සන්ධාන පාර්ලිමෙන්තු මන්තී්‍ර චන්ද්‍රනේරු ආරියනායගම්ගේ පියා වන සහ වත්මන් දෙමළ සන්ධාන අම්පාර දිස්ති්‍රක් පාර්ලිමෙන්තු මන්තී්‍ර කවීෂන් කුදීස්වරන්ගේ මුත්තණුවන් වන තිරුක්කෝවිල් ආරියනාගම්ය.මාලියත්ත මාන්ගයි චිත්‍රපටයේ එන එන්ගල් තිරවඩිප් පොන්නාඩු යන ගීය ඇසුරින් ආරියනාගම් තම ගීතය රචනා කළේය.වාසියවේ වාසියවේ වාසියවේ එන්ගල් තන්ග මාමයිත් තමිස් ඊසාම් (දිගු කලක්,දිගු කලක්,දිගු කලක් දිනේවා අපගේ රන් මැණික වන දෙමළ ඊළම) යන තෙවැන්න රචනා කළේ ඊළම වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටි කවියකු වූ කාසිය.
දෙමළ ඊළාම් ජාතික ගීයකට සමවූ මෙම ගීත තුන දෙමළ ඛෙදුම්වාදය හා ජාතිකවාදය ඉහළම තලයේ තිබූ කාලවලදී ගැයිණ.දෙමළ සංස්කෘතික උත්සව අවස්ථාවන්හිදී අනිවාර්යයෙන්ම ගැයෙන තමිස් තායි වාස්තු (දෙමළ මාතාවට ප්‍රශංසා වේවා) යන ගීතයේ හා මෙම ගීත තුනෙහි අන්තර්ගතයන් එකිනෙකට ඉදුරාම වෙනස්ය.

දෙමළ භාෂාව මවක ලෙස සළකමින් ඇයට ප්‍රශංසා ගී ගැයීම දෙමළ නොවන ජාතිකයින්ට තේරුම්ගැනීමට අපහසු දෙයකි.සුබ්‍රමනියන් භාරතීගේ වාද නිරන්තම්, වාද තමිසමෝහි, වාද වාලියවේ එසේත් නැතිනම් භාරතිදාසන්ගේ තමිසක්කුම් අමුතෙන්ඩෘ පයෙර්,අන්තාත් තමිස ඉන්බාත් තමිස් එන්ගල් උයිරුලූක්කු නයෙර් වැනි ගී දෙමළ සංස්කෘතික උත්සව වලදී වරදින්නේ නැත.
දෙමළ අවිගත් අරගලය සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගීමත් සමග උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව අතරින් ජාතික ගීය ගැයීමේ සම්ප්‍රදාය ක්‍රමයෙන් වියැකී යෑමට පටන් ගත්තේය. අවසන නිල උත්සව වලදී පමණක් ජාතික ගීය ගැයෙන තැනට තත්ත්වය වර්ධනය වූ අතර එයට බොහෝ අවස්ථාවලදී ජාතික ගීයේ සංගීත කණ්ඩය වාදනය කිරීමකට පමණක් සීමා විය.කාලය ගතවී එල්.ටී.ටී.ඊ ය උතුරු හා නැගෙනහිර ඇතැම් කලාප තම අණසක යටතට ගැනීමත් සමග උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් ජාතික ගීය සම්පූර්ණයෙන්ම පාහේ තුරන්ව ගියේය..
එල්.ටී.ටී.ඊ යට දෙමළ ඊළාම් ජාතික ගීයක් නොතිබිණ.ඒ වෙනුවට ඔවුහු පුලිලිකෝඩි එසේත් නැතිනම් කොටි කොඩිය තේමා කරගෙන ගීයක් නිර්මානය කර ගත්හ.එයින් දෙමළ ඊළාම් රාජ්‍යය සංකේතවත් කෙරිණ.මෙම ගීය නිර්මානය කළේ කවියකු වූ එල්.ටී.ටී.ඊ සාමාජික පුතුවායි රතිනතුෙරෙයි ය.එරාතු පාර්,කොඩි එරාතු පාර් (බලව ඔසවා තිඛෙන ධජය දෙස,බලව ධජය එසවී තිඛෙන අයුරු) ඉන් කියැවිණ.එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයන්වල පැවති උත්සව අවස්ථාවන්වලදී කොටි ධජන එසවීම හා මෙම ගීයද ගැයිණ.
එල්.ටී.ටී.ඊ ය 2009 මැයි මස ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හමුවේ පරාජයට පත්වීමත් සමග උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව නැවත වරක් භාරවූයේ රජයේ ආරක්ෂාව යටතටය. බොහෝ කලකට පසු නැවත වරක් උතුරු හා නැගෙනහිර පළාත් වල සිංහ ධජය ආඩම්බරයෙන් ලෙල දෙනු දැකගත හැකිවිය. පරණ මිහිරියාව ගෙන දෙමින් නැවත වරක් ජාතික ගීයද ගැයිණ. මෙය නිදහස දිනා ගතවූ මුල් අවුරුදු කිහිපයේ රටේ පැවති තත්ත්වය හා සමාන විය.

ලංකා ගාන්ධර්ව සභා
යටත්වජිත පාලනයෙන් මිදී ශ්‍රී ලංකාව නිදහස දිනාගත් 1948 පෙබරවාරි මස හතරවැනිදා ගායනා කිරීමට රටට නිල ජාතික ගීයක් නොතිබිණ.සිලෝනය බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස හා පසුව සම්පූර්ණ ස්වාධීනත්වය දිනාගත්තද රටට අනන්‍යවූ ජාතික ගීයක් ගැන එකගතාවක් පවා ඇතිව නොතිබිණ.මේ හමුවේ සුදුසු ජාතික ගීයක් සකස් කිරීමේ කටයුතු ලංකා ගාන්ධර්ව සභාවට පැවරුණේය.තරගාවලියක් පවත්වා සුදුසු ගීයක් තෝරාගැනීමට සභාව විශේෂ විනිසුරු මඩුල්ලක්ද නම් කළේය.
එස්.එල්.බී.කපුකොටුව,ආචාර්ය ඕ.එච්.ඩී.විජේසේකර,ලයනල් එදිරිසිංහ,මුදියාර් ඊ.ඒ.අබේසේකර,එල්.එල්.කේ.ගුණතුංග,පී.බී.ඉලංගසිහ යන අයගෙන් මෙම කමිටුව සමන්විත විය.ඔවුහු අවසන ජාතික ගීයට සුදුසුයැයි එක් ගීතයක්ද තෝරාගත්හ.නමුත් ඒ අරබයා මහත් ආන්දෝලනයක් ඇතිවිය.එයට හේතුවූයේ එම ගීතය රචනා කොට තිබූයේ විනිසුරු මඩුල්ලේම සාමාජිකයකු වූ පී.බී.ඉලංගසිංහ වීමයි.එයට සංගීතය යොදා තිබුණේද තවත් සාමාජිකයකු වූ ලයනල් එදිරිසිංහය. ‘ශ්‍රී ලංකා මාතා ඵල යස මහිම ජය ජය‘ ලෙස ආරම්භය සටහන්ව තිබූ එම ගීය පසුව ජය ධද නගා ‘ශ්‍රී ලංකා මාතා‘ ලෙස වෙනස් කෙරුණේය.නමුත් විනිසුරු මඩුල්ලේම සාමාජිකයින් දෙදෙනකු ජයග්‍රාහී ගීතය ඉදිරිපත් කිරීම අරබයා නැගුණු විරෝධය දිගටම පැවතුණේය. එසේ තෝරාගැනීම අසාධාරණ යැයි බොහෝ දෙනා කීහ.
ඉලංගසිංහ – එදිරිසිංහ සුසංයෝගය රැගත් මෙම ගීය නිදහස් දිනය දා රේඩියෝ සිලෝනය ඔස්සේ විකාශනය කෙරුණද නිදහස් දින උත්සව අවස්ථාවේදී එය ගායනා කෙරුණේ නැත. එයට හේතුව වූයේ මෙම ගීතය අරබයා නැගී තිබුණු විරෝධයයි.එහි අන්තර්ගතයේ කිසිදු වරදක් නොතිබුණ මුත් ගීතය තෝරාගෙන ඇත්තේ හිතවත්කම් හා මිතුරුකම් මත පිහිටා යැයි විශ්වාස කළ පුද්ගලයෝ එය දැඩිව විවේචනය කළහ.මේ හමුවේ ජාතික ගීත තරගාවලියේදී ජයග්‍රහණය කළ ගීතයට ජනතාව අතර තිබූ විශ්වාසය ක්‍රමයෙන් වියැකී යන බවක් පෙනෙන්නට විය.

මේ අතර තවත් තරගාවලියට ඉදිරිපත්ව තිබූ තවත් ගීයක් ජනතාව අතරේ ප්‍රචලිත වෙමින් තිබිණ. ‘නමෝ නමෝ මාතා‘ ලෙස හැදින්වුණු මෙම ගීතයේ රචකයා වූයේ දක්ෂ සිත්තරකු හා කවියකු වූ ආනන්ද සමරකෝන්ය. තරගාවලියට ඉදිරිපත් කර තිබුණද මෙම ගීතයට වැඩි අවධානයක් හිමිව තිබූයේ නැත. ‘යස මහිම‘ ගීතය ජයග්‍රහණය කළද එය ජයග්‍රහණය දිනාගත් ආකාරය ගැන ජනතාව අතර පැහැදීමක් නොතිබිණ. මේ හමුවේ ‘නමෝ නමෝ මාතා‘ට ඉහළ ජනප්‍රියත්වයක් හිමිවිය. රේඩියෝ සිලෝනය එය නිරතුරුවම ප්‍රචාරය කළේය. සාමාන්‍ය ජනතාවගේ අති ඉහළ කැමැත්තක් ඊට හිමිව තිබිණ. නමෝ නමෝ මාතා ගීතයට රටේ ජාතික ගීය වශයෙන් පිළිගැනීමක් නිල නොවන වශයෙන් මෙසේ නිර්මානය විය.

1949 පෙබරවාරි මස හතර වැනි දින නිදහස දිනා ගෙවුණු පළමු වසර සැමරිණ. ටොරින්ටන් චතුරස්‍රයේ පැවති මෙම නිදහස් සමරුවේ ප්‍රධානියා වූයේ අගමැති ඩී.ඇස්.සේනානායකය. නිදහස් සමරු ගොඩනැගිල්ලද ඔහු මෙම අවස්ථාවේදී විවෘත කළේය. ජාතික ධජය පෞඩව සුළගේ ලෙල දෙමින් පැවතියදී පන්දම් අතින් ගත් තරුණ මලල ක්‍රීඩකයෝ සිව් දෙනෙක් නිදහස් ගොඩනැගිල්ලේ පඩිපෙල තරණය කළහ. ඉහළට පැමිණි ඔවුහු තමන් අතවූ පන්දම් වලින් නිදහසේ පහන දැල්වූහ. මෙම මලල ක්‍රීඩකයින් සිව්දෙනාගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොටස් ලෙස සැළකුණු සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ජාතීන් නියෝජනය විය. නිල වශයෙන් පිළිගත් ජාතික ගීයක් නොතිබූ හෙයින් ජාතික ගී ලෙස ‘යස මහිම‘ හා ‘නමෝ නමෝ මාතා‘ ගී දෙකම ගැයිණ. එම ගීතයන්ගේ දෙමළ අනුවාදනයන්ද ඒ අයුරින්ම ගැයිණ. මින් පසුවට ජාතික ගී ගයන විට ඒවා සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම ගැයිය යුතුව ඇතැයි නිවේදනයද කෙරිණ. එදවස රටේ පරිසරය එවැනි විය.

නමෝ නමෝ මාතා

1950 වසරේදී එවක රජයේ ආර්ථීක අමාත්‍යවරයා වූ ජේ.ආර්.ජයවර්ධන ජනතාව අතර අතිමහත් ජනපි්‍රයත්වයක් හිමිව තිබූ නමෝ නමෝ මාතා ගීතය ශී්‍රලංකාවේ ජාතික ගීය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතුව ඇතැයි දැක්වෙන කැබිනට් පති්‍රකාවක් ඉදිරිපත් කළේය.ඒ අනුව අගමැති ඩී.ඇස්.සේනානායක මේ සම්බන්ධයෙන් විමසා බැලීමට ස්වදේශ කටයුතු හා දුෂ්කර පළාත් සංවර්ධන අමාත්‍ය ශී්‍රමත් ඊ.ඒ.පී විජේරත්න යටතේ පාර්ලිමෙන්තු තේරීම් කමිටුවක් පත්කළේය.නමෝ නමෝ මාතා හා තවත් ගීත කිහිපයක් අධ්‍යනය කළායින් පසු නමෝ නමෝ මාතා ජාතික ගීය ලෙස තෝරාගැනීම සුදුසු යැයි කමිටුව නිර්දේශ කළේය.

නමෝ නමෝ මාතා ජාතික ගීය ලෙස පිළිගැනීම සුදුසු බව සදහන් කැබිනට් පති්‍රකාවක් විජේරත්න 1951 වසරේදී ඉදිරිපත් කළේය.එයට මුලූ කැබිනට් මණ්ඩලයේම අනුමැතිය හිමිවිය.ඒ අනුව 1951 නොවැම්බර් මස 22 වැනිදා සිට ශී්‍රලංකාවේ ජාතික ගීය ලෙස නමෝ නමෝ මාතා භාවිතයට ගැනිණ.එහි දෙමළ පරිවර්තනයක්ද අවැසි විය.සිංහල මෙන්ම දෙමළ බසින්ද ජාතික ගීය පැවතිය යුතුයැයි විජේරත්න ප්‍රමුඛ පාර්ලිමෙන්තු තේරීම් කමිටුව ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන සිටියේය.පරිවර්තන කාර්යය භාර කෙරුණේ ප්‍රකට දෙමළ විද්වතෙකු වූ කොළඹ සහිරා විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කළ පණ්ඩිත් එන්.නල්ලතම්බිටය.ඔහු අගනා පරිවර්තනයක් සිදුකළේය.එය නිල වශයෙන් පිළිගැනුණු අතර උතුරු හා නැගෙනහිර පළාත්හි දෙමළ ජනතාව බහුතර වශයෙන් වාසය කළ පෙදෙස් වල පැවැත්වුණු ජාතික උත්සව වලදී අනිවාර්යයෙන්ම භාවිතයට ගැනුනක් බවට පත්විය.

නිදහස දිනා අවුරුදු හතරක් සනිටුහන් වුනු 1952 පෙබරවාරි මස හතර වැනි දිනයේ ශී්‍රලංකාවේ ජාතික ගීය ලෙස නිල වශයෙන් පිළිගත් නමෝ නමෝ මාතා ගැයිණ.නිදහස් දින සමරුවට සමගාමිීව යාපනය,වව්නියාව,මන්නාරම,ති්‍රකුණාමලය හා මඩකළපුව ප්‍රදේශයන් වල සංවිධානය කර තිබූ උත්සව වලදී ගීයේ දෙමළ පරිවර්තනය වූ නමෝ නමෝ තායේ ගැයිණ.සිංහල බසින් කියැවුණු අර්ථය හා සර්වසම වන සේ දෙමළ බසින් කළ පරිවර්තනය දෙමළ ජාතිකයින් ගැයුවේ හැගුම්බරව හා උද්යෝගයෙන් යුතුවය.1954 වසරේදී ශී්‍රමත් ජොන් කොතලාවල යාපනයට ගිය අවස්ථාවේදීද ජාතික ගීය ගැයුණේ දෙමළ භාෂාවෙනි.1952 මාර්තු මස 12 වැනිදා රජය පුවත්පත්හි සිංහල,දෙමළ හා ඉංගී්‍රසි භාෂා වලින් විශාල දැන්වීම් පළකරමින් නමෝ නමෝ මාතා නිල වශයෙන් රටේ ජාතික ගීය ලෙස පිළිගෙන ඇතැයි නිවේදනය කළේය.සිංහල හා දෙමළ භාෂාවලින් ජාතික ගීය එම පුවත්පත්හි පළකරද තිබිණ.ඉංගී්‍රසි පුවත්පත් වල ජාතික ගීය පළකර තිබුණේ සිංහල වදන් ඉංගී්‍රසි අක්ෂර භාවිතයෙන් සටහන්කර ය.
ජාතික ගීය නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණද එය ගායනා කළ යුතුවූ තනුවක් සම්බන්ධයෙන් එකගතාවක් ඇතිව තිබුණේ නැත.මෙනිසා ජනතාව තමන් කැමති අයුරින් එය ගායනා කළහ.මේ හමුවේ ඇතිවූයේ මහත් අවුල් සහගත තත්ත්වයකි.එයට විසදුමක් ලෙස රජය ජාතික ගීය ගායනා කළ යුතු එක් තාලයක් නිර්දේශ කරනු වස් 1953 වසරේදී සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේය.ආනන්ද සමරකෝන්,දේවාර් සූර්යසේන හා ජේ.ඩී.ඒ.පෙරේරා ආදීහු එහි සාමාජිකයෝ වූහ.ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය හා තනුව සම්බන්ධ රීති මාලාවක් මෙම කමිටුව ඉදිරිපත් කළේය.ගීයේ තනුව ලෙස යොදාගැනුනේ ආනන්ද සමරකෝන් නමෝ නමෝ මාතා වෙනුවෙන් මුලින්ම නිර්මානය කළ තනුවේ වැඩිදියුණු කළ සංස්කරණයක්ය.
නිල දෙමළ සංස්කරණය
1954 ජූනි 24 වැනිදා සර් ජොන් කොතලාවල ජාතික ගීයේ තනුවට හා එම තනුවට අනුව ගීය ගැයීමට නිල අවසරය ලබාදුන්නේය.නමෝ නමෝ මාතා ගීතය වෙනුවෙන් බුද්ධිමය දේපළ අයිතිය රුපියල් 2500 ක් ගෙවූ රජය එදිනම ලබාගත්තේය.ජාතික ගීය තැටිගත කිරීමේ කාර්යය පැවරුණේ එවක එච්.එම්.වී පටිගත කිරීමේ ආයතනයේ මෙරට නියෝජිතයා වූ කාර්ගිල්ස් සමාගමටය.දෙමළ බසින්ද ගීතය තැටිගත කෙරිණ.සන්ගාරි හා මිීනා යන ගායිගාවෝ දෙපළ එය ගැයූහ.රේඩියෝ සිලෝනය ඔස්සේ නිල වශයෙන් පිළිගත් ජාතික ගීය 1955 වසරේ පෙබරවාරි මස 4 වැනිදා ප්‍රචාරණය කෙරිණ.

සිංහල ජාතිකත්වයේ රළ පහරින් පණ ලැබූ එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරණායක ප්‍රමුඛ රජය 1956 වසරේදී රටේ බලයට පත්විය.අපේ ආණ්ඩුව ලෙස සැළකුණු මෙම රජයට බලයට පත්වූදා පටන්ම මුහුණදීමට සිදුවූයේ ගැටලූ හා අකරතැබ්බයන් වලටය.රජය විරෝධී විරෝධතා රට පුරාම පැවැත්විණ.රාජ්‍ය සේවකයෝ වැඩ වර්ජනයන්හි නිතරවූහ.ගංවතුර,ලැව්ගිනි,නායයෑම් ආදී ස්වභාවික ආපදා රැසක් හමුවේ රට පීඩාවට පත්විය.තැටිය රත්ව තිබියදී රොටිය පුච්චා ගැනීමේ න්‍යාය අනුගමනය කළෝ ජාතික ගීයට පහර ගැසීමට රටේ මෙම අයහපත් තත්ත්වය අවස්ථාවක් කරගත්හ.නමෝ නමෝ මාතා ගීතය රටට අසුභ බවට සම්පූර්ණයෙන් මිත්‍යාව මත පදනම් වූ කිසිසේත්ම තර්කානුකූල නොවන අදහසක් ඔවුහු ඇතිකළහ.මේ හමුවේ ඉතාම ප්‍රචණ්ඩ විරෝධතාවක් නමෝ නමෝ මාතා ගීතයට එරෙහිව නැගෙන්නට විය.

නමෝ නමෝ මාතා හි ස්වර් නැගීම අසුභ යැයිද එනිසා රට මෙවන් ව්‍යසනයන්ට මුහුණදෙමින් සිටින්නේයැයිද චෝදනාව විය.ගීයේ ප්‍රථම අක්ෂරය ලෙස නා සදහන් වීමද අසුභ යැයි කියැවිණ.ගණ පිහිටුවීම නිවැරදි ලෙස සිදුව නැතැයිද එය රටට ඉතා අසුභ යැයිද චෝදනා එල්ල විය.ගණ පිහිටුවීම යනු ගීයක දිගු හා කෙටි තාල නියමාකාරයෙන් පිහිටුවන ශාස්ත්‍රයයි.නමෝ නමෝ මාතා හි ආරම්භයේ ගණ පිහිටුවා තිබුණේ කෙටි – දිගු – කෙටි ලෙසය.මෙය අසුභ ගණයක් ලෙස කියැවිණ.
1959 දී එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක ඝාතනය විය.1960 වසරේ පැවති පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පත්වූ ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ සුලූතර රජයට වැඩි පැවැත්මක් නොතිිබිණ.නැවත වරක් මැතිවණයක් කැදවිණ.1960 ජූලි මස පැවති මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශී්‍රලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේය.ජාතික ගීය අරබයා නැගී තිබුණු චෝදනා සිරිමා රජයේ දැඩි අවධානයට ලක්විය.මේ සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක්ද පත් කෙරුණු අතර එම කමිටුවේ නිර්දේශය වූයේ නමෝ නමෝ මාතා ලෙස ගීතය ආරම්භ කිරීම වෙනුවට ශී්‍රලංකා මාතා ලෙස ගීතය ආරම්භ කිරීම සුදුසු බවයි.රජය ජාතික ගීය වෙනස් කිරීමට යන බව කනවැකුණු ආනන්ද සමරකෝන් එයට දැඩිව විරෝධය පළකළේය.නමුත් ඔහුගේ විරෝධතා වලට අවධානය යොමුනොකළ රජය නිර්දේශ කෙරුණු පරිදි ජාතික ගීය සංශෝධනය කළේය.ගීයේ බුද්ධිමය දේපළ හිමිකාරීත්වය රජයට හිමිව තිබූ හෙයින් මෙම අත්තනෝමතික තීරණයට එරෙහිව නීතිමය පියවරක් ගැනීමට සමරකෝන්ට අවස්ථාවක් නොතිබිණ.
සහයෝගී පිළිවෙත.

කොළඹ හා වෙනත් සිංහල බහුතරය වාසය කළ පෙදෙස් වල සිංහල බසින් ජාතික ගීය ගැයෙද්දී දෙමළ ජනතාව බහුතර වශයෙන් වාසය කළ පෙදෙස් වල ජාතික ගීය ගැයුණේ දෙමළ භාෂාවෙන්ය.මෙම පිළිවෙත 1956 දී සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනුනු අවස්ථාවෙන් පසු පවා වෙනස්වූයේ නැත.1978 ව්‍යවස්ථාවෙන් දෙමළ භාෂාවට ජාතික භාෂාවක තත්ත්වය හිමිවුවත් රාජ්‍ය භාෂාවක තත්ත්වය හිමිවූයේ නැත.එම ව්‍යවස්ථාවේම සිංහල ජාතික ගීයට එයට හිමි ව්‍යවස්ථාමය තත්ත්වය ලබාදී තිබිණ.එළෙසම ජාතික ගීයේ දෙමළ පරිවර්තනයටද ව්‍යවස්ථාවමය තත්ත්වය ලබාදී තිබුනේ තුන්වැනි පරිච්ඡේදයේ හත්වැනි වගන්තිය මගින්ය.දෙමළ බසින් ප්‍රකාශයට පත්කෙරුණු 1978 ව්‍යවස්ථාවේ ජාතික ගීය දෙමළ බසින්ම සදහන්ව තිබිණ.

රාජ්‍ය භාෂාවක් ලෙස දෙමළ භාෂාවට හිමිවිය යුතුව තිබූ නිසි ස්ථානය 1987 දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හිමිවිය.1988 දී 16 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පරිපාලන හා නීති ක්ෂේත්‍රයන් වලද දෙමළ භාෂාවට හිමි තැන තහවරු විය.මේ හමුවේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීමට තරම් හේතුවක් දෙමළ ජනතාවට තිබිණ.

2009 යුද්දය අවසාන වීමෙන් පසුව දෙමළ ජනතාව නැවත වරක් රටේ ප්‍රධාන ප්‍රවාහය සමග සම්බන්ධ වීමට පටන්ගත්හ.එය සැමරීමට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම තරම් සුදුසු දෙයක් වෙන කොහිද? ඔවුන්ගේ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස හදුනාගෙන තිඛෙන කල්හි ජාතික ගීය දෙමළ බසින් ගැයීම වරදක් වන්නේ කෙළෙසද? රටට ආචාර කිරීමට ඔවුන්ටත් අවස්ථාව ලබාදීම වැදගත් නොවන්නේද? එකම මවකගේ දරුකැළ ලෙස ඉදිරියට යන ගමනට ඔවුනවත් එකතුකරගත යුතු නොවේද?
නමුත් පසුගිය රාජපක්ෂ රජය මෙයට එරෙහිව කටයුතු කළේය.ජාතික ගීය දෙමළ බසින් ගැයීමට තිබූ අවස්ථාව අවුරා දැමූ ඔවුහු සිංහල බසින් පමණක් ජාතික ගීය ගායනා කළ යුතුයැයි සම්මතයක් ඇතිකරගත්හ.මෙහි තවත් දුරකට ගිය ඔවුහු නිල වශයෙන් ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල බසින් පමණක් යැයි කියා සිටියහ.මේ පිළිඹද කැබිනට් පති්‍රකාවක් 2010 දෙසැම්බර් මස 8 වැනිදා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් විය.

කැබිනට් පති්‍රකාව

ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කළ යුතු තත්ත්වයට පත්විය යුතුව ඇතැයි කියා සිටියේ විමල් වීරවංශය.නමුත් ඔහුට වඩා පරිණත දේශපාලන චරිතයක් වූ වාසුදේව නානායක්කාර ඊට දැඩි විරෝධය පළකළේය.තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ම නානායක්කාර හා එකගවෙමින් අදහස් දැක්වූහ.ජාතික ගීයේ දෙමළ පරිවර්තනය රටේ ව්‍යවස්ථාවෙන් ඉවත් කර දැමිීමේ උත්සාහයට රජයෙන්ම විරෝධය එල්ල වෙමින් තිඛෙන බවද මේ හමුවේ රජයේ සාමාජිකයින් අතර ඛෙදීම් ඇතිවෙමින් පවතින බවද පැහැදිලි විය.මේ අවස්ථාවේදී මැදිහත් වූ ජනපති රාජපක්ෂ වෙනසක් සිදුකිරීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පැවැත්වීම සුදුසු යැයි පෙනී යන බැවින් දින නියමයක් නොමැතිව මෙම සාකච්ඡාව කල් දැමිීම සුදුසු බව කියා සිටියේය.එතෙක් ව්‍යවස්ථාවේ දැනට ඇති පරිද්දෙන් ජාතික ගීය සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම පවතිනු ඇති බව හෙතෙම පැවසුවේය.

මෙයින් පසුව සිදුවූ දේ සියලූදෙනා හොදින්ම දනී.රජයේ නිලධරයින්ට හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට රහසිගතව යැවුණු පණිවුඩ වලින් ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කරන ලෙස ඔවුනට උපදෙස් දෙනු ලැබුණි.නිල වශයෙන් ප්‍රකාශයක් නොකෙරුණද නොනිල වශයෙන් ලැබුණු මෙම නියෝග නිකුත් කළේද නිල තනතුරු හොබවමින් සිටි පුද්ගලයෝමය.වාසුදේව නානායක්කාර සහ ඩග්ලස් දේවානන්ද දෙදෙනාට මෙය වළක්වාලීමට හැකියාවක් නොතිබිණ.රාජපක්ෂ රෙජීමය දෙමළ බසින් වූ ජාතික ගීය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකළ මුත් නිල උත්සව අවස්ථාවන්ගේ එය ගායනා නොකෙරෙන තැනට පත්කිරීමට වගබලාගත්තේය.ව්‍යවස්ථාවට කිසිදු වෙනස් කිරීමක් සිදුකර නැතැයි ඔවුන් කියා සිටියේය.ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ඇති අයිතිය කිසිදු අයුරකින් උල්ලංඝණය කර නැතැයි කියමින් ඔවුහු තමන්ව ආරක්ෂා කරගත්හ.නමුත් උත්සව අවස්ථා වලදී ජාතික ගීය සිංහල භාෂාවෙන් ගැයීමට පමණක් ඉඩ වෙන්වූයේ ඔවුන්ගේ අණ පරිදිය.ජාතික ගීය දෙමළ බසින් ගැයෙන අවස්ථා සොයාබලා ඒවා වළක්වන ලෙස උතුරේ ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත නියෝගද ලැබිණ.

දෙමළ ජාතිකයෝ තමන්ට ලැබුණු මෙම පණිවුඩය ඉක්මනින්ම වටහා ගත්හ.දෙමළ සිසු සිසුවියන් සිංහල වදන් දෙමළ අක්ෂර වලින් ගලපාගෙන ජාතික ගීය ගැයූහ.වීරවංශ වැනි පුද්ගලයින් නැවත නැවත් කියා සිටියේ දෙමළ ජාතිකයින් සිංහල ජාතික ගීය ගැයීමට කැමති බවය.එක් පසෙකින් ජාතික ගීය සිංහලෙන් ගායනා කරන ලෙස දෙමළ ජාතිකයින්ට බල කෙරුණු අතර අනෙක් පසින් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ව්‍යවස්ථාමය අයිතියක් ඔවුන්ට හිමි බව පැවසිණ.
දශක තුනක යුද්දයක් නිමාවේ දෙමළ ජනතාව නැවත රටේ ප්‍රධාන ප්‍රවාහය හා එක්වීමට යත්න දරමින් සිටි අවස්ථාවක මෙවැනි අත්තනෝමතික තීරණයක් ගැනීමට දේශපාලඥයින් කටයුතු කිරීම ඇත්තෙන්ම විශ්වාස කළ නොහැකිය.මෙය ඉතාම සංවේදී අවස්ථාවක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.එසේවුවත් රජයේ කි්‍රයාකලාපය නිසා අවසන සිදුවූයේ තම මව් භාෂාවෙන් රටේ ජාතික ගීය ගැයීමට ඇති අවස්ථාව උල්ලංඝණය වීම හමුවේ සංකේතාත්මක වශයෙන් දරුණු පහරක් දෙමළ ජනතාව වෙත එල්ල වීමය.
ජයග්‍රහණයේ සංකේතයක්

රජයේ මෙම හැසිරීම යුද්දය ජයග්‍රහණය කළේ යැයි පෙන්වා දුන් සංකේතයක් ලෙස ඇතැම්හු හදුන්වාදුන්නේය.යටත්කරගත් ජනතාව ලෙස දෙමළ ජනතාව සළකමින් ඔවුන්ට බලපෑම් එල්ල කිරීමට රජය යුද ජයග්‍රහණය අවස්ථාවක් කරගෙන ඇතැයි ඔවුහු කීවෝය.ව්‍යවස්ථාමය අයිතියක් නොතිබුණු අතීතයේ පවා දෙමළ ජනතාව ඔවුන්ගෙ බසින් ජාතික ගීය ගැයූහ.නමුත් දැන් 13 වැනි සංශෝධනය හා 16 වැනි සංශෝධනය මගින් එම අයිතිය ලැබී තිබියදී දෙමළ බසින් ජාතික ගීය ගැයීමට ඔවුන්ට ඇති ඉඩකඩ අහුරා දමා තිිබිණ.

යුද්දයක් යුධමය වශයෙන් ජයග්‍රහණය කිරීමෙන් පමණක් සැබෑ එක්සත්භාවයක් ඇතිවේයැයි අපේක්ෂා කළ නොහැකිය.ඛෙදුම්වාදය පරාජය කළ සාර්ථක යුද මෙහෙයුමක් අවසානයේ යුද සමයේ මිනිසුන්ගේ හදවත් වල ඇතිවූ තුවාළ සුවපත් කිරීමට,එකිනෙකා අතර සහයෝගය වර්ධනය කර ශක්තිමත් ජාතියක් ගොඩනැගීමට,සංහිදියාව පවත්වාගැනීමට වැදගත්වන වැඩපිළිවෙල කි්‍රයාත්මක කළ යුතුය.නමුත් මෙහිදී එවැනි දේ සිදුවූයේ නැත.සිදුවූයේ පීඩාවට පත්ව සිටි දෙමළ ජාතිකයින්ට ජාතික ගීය දෙමළ බසින් ගැයීමට තිබූ අවස්ථාව උදුරා ගනිමින් ඔවුන්ව තව තවත් පීඩාවට පත්කිරීම පමණක්ය.
ජාතික ගීය දෙමළ බසින් ගැයීමට කැමැත්තෙන් සිටින්නේ ඛෙදුම්වාදීන් බවට අමනොඥ මතයක්ද ඇතැමුන් අතරේ විය.ජාතික ගීය තම බසින් ගැයීමට කැමැත්තෙන් සිටි දෙමළ ජාතිකයෝ බහුතරය කිසිදු අයුරකින් යුද්දයට කැමති හෝ ඛෙදුම්වාදී අදහස් දැරූවන් හෝ නොවූහ.ජාතික ගීය දෙමළ බසින් ගැයීමට ඔවුන්ට අවශ්‍ය වූයේ එයින් තමන්ද මේ රටේ ජනතාව බවත් ශී්‍රලාංකිකයින් ලෙස අනන්‍යතාවක් ඇතිකරගැනීමට අවශ්‍යවූ නිසාත් ය.ඔවුන් ඉල්ලා සිටියේ අලූත් අයිතිවාසිකමක් නොව ව්‍යවස්ථාවේ ඒ වන විටත් සදහන්ව තිබූ දෙය පිළිපැදීමට අවස්ථාවය.

රාජ්‍යතාන්ති්‍රකයෝ,විදෙස් රටවල නායකයින්,රාජ්‍ය නොවන සංවිධාන ආදී සියල්ලෝ මේ හමුවේ විළිපිසර වූහ.දශක ගණනාවක යුද්දයකින් පසු මෙවන් කුඩා හේතුවක් මුල්කරගෙන රජයක් මෙසේ හැසිරෙනුයේ මන්ද යැයි ඔවුහු ඇසූහ.නමුත් මේ ශී්‍රලංකාවය.ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස සැළකුණද කිසිවකුත් නොසිතන විපර්යාසයන් සිදුවන තැනක්ය.ගාමිණී ෆොන්සේකා වරක් පැවසූ ලෙස තුන්වැනි පන්තියේ දේශපාලකයින් නිසා මේ උතුම් රටට එදා සිටම අත්වූයේ විනාශයයි.

අනුවණයින්ගේ දේශපාලනය.

ජාතිකත්වය මත පදනම්වුනු දේශපාලනයක අදටත් දෙපක්ෂයේම දේශපාලඥයෝ නිතරව සිටින්නෝය.ඉතාම පහත් පෙළේ දේශපාලන සූස්තර භාවිතා කර ජාතිකත්වය මුල්කරගෙන රටේ ජනතාව අතර කලබලයක් ඇතිකිරීමට හැකි බව ඔවුහු දන්නෝය.එසේ කලබල ඇතිකර ජාතියේ ගැලවුම්කරුවා ලෙස පෙනී සිට එම ජනතාවගේම සහය ඔවුන් කෙරේ දිනාගැනීම මෙවන් දේශපාලඥයින්ගේ සැළසුමයි.
නමුත් ශී්‍රලංකාව ආගාධයට වැටී නොදී ගලවා ගැනීමට රට ගැන සිතා කටයුතු කළ නායකයින් අතලොස්සක් හා ජනතා කොට්ටාශයක් නිසා හැකිව තිබේ.මේ සදහා ඔවුන්ට ආධාරවූයේ රටේ තිඛෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයයි.එහි ගැටලූ තිඛෙන බව සැබෑය.නමුත් දෙපක්ෂයේම එකහා සමානව දුූෂිතයින් සිටියද එක් කණ්ඩායමක් ඉවත් කර තවත් කණ්ඩායමක් පත් කරගැනීමට හෝ රටේ නායකයා ඒකාධිපතියකු ලෙස කටයුතු කරන අවස්ථාවකදී ඔහුගේ බලතල කප්පාදු කිරීමට හෝ ජනතාවට අවස්ථාව සැළසී ඇත්තේ මෙම ප්‍රජානත්ත්‍රවාදී පාලන ක්‍රමය නිසාය.රටේ දේශපාලන අහස්කුස අරා නැගෙන කලූ වලාවන් අතරේ මෙවන් රිදී රේඛාවන්ද දැකගත හැකිවීම සතුටට කරුණකි.
පසුගියදා පැවැත්වුණු නිදහස් දින සමරුව මෙවන් රිදී රේඛාවක් විය.ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ ප්‍රමුඛ රජය පසුගිය රෙජීමයේ වැරදි නිවැරදි කිරීමට පියවර ගන්නා බව පෙන්වා දෙමින් නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමටද අවස්ථාව සළසාදී තිබිණ.මෛතී්‍ර – රනිල් – චන්ද්‍රිකා තිදෙන ජාතික සංහිදියාව ඇතිවන,ජාතිීන් අතර එක්සත්භාවය තහවුරු වන නිවැරදි මාවතේ යමින් සිටින බව පැහැදිලිය.
දෙමළ ජනතාව ගැන කිවහොත් ඔවුන් නම් දැන් සිටින්නේ ඉතාම සතුටිනි.නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම යනු ඔවුනට නම් දැන් තමන්ද ශී්‍රලාංකිකයන් බව අන් කවරදාටත් වඩා ප්‍රබලව දනවන්නකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *