• Thu. Feb 2nd, 2023

රාජපක්ෂ පවුලේ ඥාතීන්ට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විවිධ අපරාධ චෝදනාවලින් ඔවුන්ව නිදහස් කර දෙන ලෙසත් ඒ වෙනුවෙන් දේශපාලනයෙන් විශ‍්‍රම ගැනීම හෝ වෙනත් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට තම පවුල සූදානම් බවට රාජපක්ෂ පවුලේ නියෝජිතයන් ජනාධිපති මෛත‍්‍රීපාල මහතා වෙත පසුගිය දින කිහිපයේදීම පණිවුඩ යොමු කර ඇති බව රජයේ ජේ්‍යෂ්ඨ ඇමැතිවරයකුප්‍රකාශ කර ඇතැයි ආරන්චිමාර්ග සඳහන් කර සිටිනවා.

එහෙත් ජනාධිපතිවරයා ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කර ඇති අතර යම් ලෙසකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළත් රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති චෝදනා විභාග කර දඬුවම් පැමිණවීමට පොලීසියට සහ අධිකරණය සතු ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නොකරන බවත් නැවත දන්වා ඇත්තේ.
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍යව ඇත්තේ තම පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සම්බන්ධයෙන් පමණක් ඇති චෝදනාවලින් නිදහස් වීම පමණක් බවත් එම රජය සමයේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දූෂණ අපරාධවල නියැළුණු අන් කිසිවකු සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන ලෙස රාජපක්ෂ පවුලෙන් ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් නොවූ බව එම ඇමැතිවරයා තව දුරටත් පැවසීය.

 

 

( සුභාෂ් ජයවර්ධන)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *