වසර 34 ක් පුරාවට ‘දිවයින’ සේවකයන්ට ලබා දෙමින් තිබූ සේවා පාරිතෝෂිකය 50%කින් කපා හැරීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ බව දැන ගෙන ඇත්තේ ඊයේ (14) විශ්රාම යාමට නියමිත සේවකයෙකු සේවක පාරිතෝෂික දීමනාව ලබා ගැනීමට ගිය අවස්ථාවේදීය.
මීට පෙර අවස්ථාවන්හිදී සේවක පාරිතෝෂික දීමනාව ගෙවීම යැයි පවසමින් ආයතනය ණය ලබා ගෙන එයින් සේවක පාරිතෝෂික දීමනාව එකවර නොගෙවා කොටස් 2 ක් ලෙස ගෙවීමට සුක්ෂමව කටයුතු කර තිබේ. එහිදී විශ්රාම යන සේවකයන්ට සේවක පාරිතෝෂික දීමනාවේ මුදලින් 50% ක් ගෙවා ඉතිරිය දින සහිත චෙක්පත්වලින් ලබා දෙමින් ගෙවීම් කල් දමා ඇත.
මෙහි ඇති විමතිය දනවන කරුණ නම් වර්තමානයේ විශ්රාම යාමට නියමිත සේවකයන් යනු වසර ගණනාවක් තිස්සේ දිවයින කීර්තිනාමය වෙනුවෙන් මහත් ඇප කැප වූ පිරිස්ය. බලධාරීන් ඔවුන්ගේ සේවය අවසනයේ ඉතිරි කර ගැනීමට සිතා සිටින මුදලටත් මේ වන විට විද ඇත.
(Lanka News Web)