• Mon. Jan 30th, 2023

රනිල් දෙරණට බැනීම සහ දිලිත්ගේ කලු සල්ලි මාධ්‍ය නිදහසේ සලුපටින් ආරක්ෂා වීම.

දෙරණ නාලිකාවේ කොටස් හිමියෙකු වන දිලිත් ජයවීර යනු මහින්ද රාජපක්ෂ යුගයේදී විශාල පොහොසතෙකු බවට පත්වු එහෙත් ඔහු පොහොසත් වු ආකාරය ඔහුවත් නොදන්නා පුද්ගලයෙකි. ඒ දිනවල අන්තර්ජාලය තුල විශාල වශයෙන් පැතිර ගිය පුවතක් වුයේ දිලිත් ජයවීර යනු රාජපක්ෂලාගේ කළු සල්ලි සුදුකරන පුද්ගලයෙකු ලෙසයි. එමෙන්ම ඒ දිනවල කොටස් වෙලදපොල තුල ඇතිවු මගඩි සම්බන්ධයෙන්ද දිලිත්ගේ නම ගෑවිණි. කෙසේ නමුදු දැන් දිලිත් යනු ධනකුවේරයෙකි.

ජනතාව විසින් රාජපක්ෂ පාලනය එලවා ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදී සහ ඉන්පසු පැවති මහ මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවට බලය ලබා දුන්නේ මේ කුප්‍රකට ගනුදෙනු සහ ඒවාට අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිය අනුව කටයුතුකර ඔවුන් ජනතාවගෙන් දූෂිත අන්දමින් කොල්ලකා ගත් දේපල නැවත පවරා ගැනීමටයි. නමුත් එවැනි දෙයක් සිදුවනු අපට නොපෙනේ. එම දේවල් අනාගටහයේ හෝ සිදුවන බවට කිසිදු දෙයක් තවමත් සිදුවන්නේ නැත.යහපාලන ආණ්ඩුව ඇති මේ යුගයේදීත් දිලිත්ලා යෙහෙන් වැජඹෙන්නේ එහෙයිනි. මෙහි ඇතුලාන්ත සෙල්ලම ජනතාව වටහා ගත යුතුය.

su-dilith-256x300දෙරණ යනු ඇත්තටම ජාතිවාදය වපුරන ජාතිවාදයට උඩගෙඩි දෙන නාලිකාවකි. ඉතිදින් මේ නාලිකාව යහපාලන යුගයේදීත් තවදුරටත් යෙහෙන් වැජඹෙන්නේ කෙසේද..? ඒ සිදුවන්නේ දෙරණ විසින් දෙබිඩි ප්‍රතිපත්තියකට අවතීර්ණ වී ඇති නිසාය. දෙරණ කොටස් හිමියන් දෙදෙනාගෙන් අනෙක් තැනැත්තිය වරුණි අමුණුගමයි. වරුණි අමුණුගම යනු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හිතවත් අමාත්‍ය සරත් අමුණුගමගේ දියණියයි. එමෙන්ම දිලුම් අමුණුගම, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සීමාමායිම් නොමැතිව සහයක් දක්වමින් සිටී.

ලංකාවේ මෑතකාලීනව සීඝ්‍රයෙන් ප්‍රකෝටිපතියන් වූ පුද්ගලයින් තමන්ගේ හා පසුගිය සමයෙහි බලයේ සිටි අයවලුන්ගේ දූෂිත මුදල් සුද්ද කරගන්නේ මෙවැනි වූ ආයතන හරහා බව ප්‍රසිද්ධ රහසකි.

දෙරණ නාලිකාව මේ වන විට මාධ්‍ය සෙල්ලමක් රගදක්වන්නේ මේ සම්බන්ධතා තුලිනි. එක පැත්තකින් දෙරණ රාජපක්ෂලාට කඩේ යන අතර ජාතිවාදයට උඩගෙඩි දෙති. ඒ තුලින් විපක්ෂයේ ජනතාවගේ අවධානය තම නාලිකාව වෙත දිනා ගනියි. අනෙක් පැත්තෙන් සරත් අමුණුගමගේ මාර්ගයෙන් ජනාධිපතිවරයාගේ රැකවරණය අත්පත් කරගෙන සිටී. මේ නිසා දෙරණ ගසන්නේ රනිල්ටයි. රනිල්ට ගසන විට දෙරණ හිට් වන අතර රනිල් වික්‍රමසිංහ මහතාද සෘජුව දෙරණ නම සදහන් කරන නිසා ඔවුන්ට නොමිලේ ප්‍රචාරයක් ලැබෙන තත්වයට පත්ව ඇත. එමෙන්ම ඒ සමග්න්ම ද්ලිත්ගේ දූෂිත ගණුදෙනු ඉළිබඳ පරීක්ෂණ පැවත්වීමට ක්‍රියා කලහොත් දිලිත් සහ දෙරණ රාජපාක්ෂික විම නිසා පලිගන්නවා යැයි මතයක් ජනතාව අතර යැවීමට කූට උත්සහයක් ක්‍රියාත්මකකර ඇති බවද මැනවින් පැහැදිලිය.

රාජපක්ෂ රජය අවසන් වීමත් සමග එතෙක් දෙරණ නාලීකාවේ සභාපති ලෙස සිටි ලක්සිරි වික්‍රමගේ ඉවත් කොට දිලිත් ජයවීර දෙරණ සභාපති ලෙස පත්වෙන්නේද මේ අනුවයි.

අවසානයේ සිදුවන්නේ දිලිත් ජයවිර විසින් පසුගිය කාලයේ සිදුකර ඇති කලු සල්ලි සුදු කිරීර්ම ඇතුළු දූෂිත ගණුදෙනු සියල්ලම මාධ්‍ය නිදහසේ සලුපටින් ආවරණය කර ගැනීමට, ආරක්ෂා කර ගැනීමට දිලිත්ට හැකි වීමයි.

 

 

 

(  Anver Manatunga Blog අඩවියේ උපුටා ගැනීම් සහිතයි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *